ගම්පොළ නගරයට ආසන්න ගමකි. එහි ජීවත් වූ පවුලක් ආර්ථික අපහසුතා නිසා ප්‍රදේශයේ වෙළෙඳසලකින් භාණ්ඩ ලබාගෙන ඇත්තේ මාසිකව ගෙවන පොරොන්දුවට ණය පදනමටය. මෙම ගෙහිමියාගේ බෑණා කෙනකු රජරට ප්‍රදේශයේ සිටින අතර හදිසියේම ඔහු සමඟ දරු පවුලම මෙම නිවෙසට පැමිණුනේ සති දෙකක් පමණ මෙහි ගත කරන බව පවසමිනි.
මෙම කතාවට ගෙහිමියාගේ ඇස් උඩ ඉන්දුණත් බෑණා ගෙනා බඩු මලු දෙස බැලු ඔහුට සිනා පොදක් පහළ වුයේ මාසයකට පමණ සරිලන බඩු එහි ඇති බව දැකීමෙනි. ලුණු කැටේ සිට නිවෙසට අවශ්‍ය සියලු බඩු බාහිරාදිය එහි තිබුණු අතර මේ නිසාම එම කාලය තුළ නිසියාකාරව වැඩකට නොගොස් ගොහිමියා එම කෑමෙන් බීමෙන් කාලය ගත කළේ කඩ පොළටත් නොගොසින්ය.
බෑණාගේ සති දෙකක කාලය සති තුනක් විය. සියලු දෙනා නැවත ගම රට බලා ගිය පසු ගෙහිමියා කඩපොළ වෙත ගියේ මේ මාසේ වෙළෙඳ සැලෙන් කිසිම බඩුවක් නොගත් අභිමානයද සමඟිනි. ගෙහිමියා දුටු වෙළෙඳසල් හිමියාගේ මූණ රතුවී ගියේ කෝපයෙනි. ඊළඟට කට හඬ අවදි කළ මුදලාලි මෙසේ කීවේය. මොනවද කරන්නේ. වෙනදට වැඩිය ලොකු ණයක් වෙලා කඬේ පැත්තේ එන්නෙ නෑ. බලනවා බෑණා රුපියල් 18000ක බඩු අරන් ගියා. මම ඉතින් අර ළමයි ළපටි නිසා බඩු ටික දුන්නා. මුදලාලිගේ කතාවෙන් ගෙහිමියාට සියල්ල අවබෝධ විය.
(ගම්පොළ සුරංග රාජනායක)
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
බෑනා ඇවිල්ලා අමුතු ගේමක් දීලා
අකිල Wednesday, 28 December 2016 08:58 AM
එපා සල්ලි දෙන්න. බෑනාගෙන්ම ඉල්ලා ගන්න කියන්න (නි)
අබය Saturday, 24 December 2016 11:27 AM
කලුහාමිගේ කතාවේ අනික... මෙයා සුදුහාමි කෙනෙක්.....
ටෝනි Saturday, 24 December 2016 03:36 PM
මුදලාලිත් පුදුම මිනිහෙක්නේ! (නි)
ගුණවර්ධන Saturday, 24 December 2016 06:55 PM
මේ වෙලාවේ මුදලාලි ලොකු වැරැද්දක් කරනවා. කව්ද මුදලාලි එක්ක ගනුදෙනු කරන්නේ? ගෙදර හිමියද? බෑණාද? ආවා ගියාට කොහොමද ණයට දෙන්නේ (නි)
හේමන්ත Friday, 23 December 2016 05:15 PM
නුවණක්කාර බෑණෙක්! (නි)
රාධා Friday, 23 December 2016 11:43 PM
මුදල් ගෙවන්න ඕනෑ නැහැ. මුදලාලිට කියන්න බැණාගෙන් ඉල්ලගන්න කියලා (නි)