IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


බෑනාගේ මේස හැඳි සංගීතයට නැන්දම්මාගේ මොළේ කචල්වෙලා


අගනුවර වැඩපලකදී සිය දියණිය හා මිතුරුවී ඇගේ තනි කැමැත්තට විවාහ රිජිස්ටාර් පොතේ අත්සන තබා නිවසට පැමිණි බෑනා නැන්දම්මා විසින් ආදරයෙන් පිළිගත්තද පසුව ඔහුගේ ‘සංගීත පිස්සුව’ නොරිස්සූ  ඇය පොලිසියට යාමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ  සබරගමුව පළාතෙනි. 


පොලිසියේ පැමිණිලි අංශයට ආ ඇය කී කතාවට සවන්දුන්  එතැන සේවය කළ පොලිස් නිලධාරීයා අන්දමන්ද විය.


“ඌ සංගීත පිස්සෙක් සර්. තේ එක දුන්නම පීරිසි තට්ටුවට කෝප්පෙන් ගහ ගහ තාලෙ අල්ලනවා. කෑම එක දුන්නම පිඟානට තට්ටු කර කර උරුහම් බානවා. එළවළු එක්ක කෑම එක මේසෙට ඇරියම හැඳිවලින් තට්ටු දමා සින්දු කෑලි කියනවා. බැරිම තැන මේව නවත්වන්න කිව්වම මගේ ඇඟට කඩා පනිනවා. පසුගිය ටිකේම ජෝඩුව මාත් එක්ක වලි. එක්කො ඌ යවන්න නැත්තං මං යනවා” ඈ කීවේ කෝපයෙනි. 


පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ නිවසට පරීක්ෂණ සඳහා ගියත් ඒ වනවිට ජෝඩුවම අගනුවරට ගොස්ය. 

(තිහගොඩ උපසේන ලියනගම)



අදහස් (0)

බෑනාගේ මේස හැඳි සංගීතයට නැන්දම්මාගේ මොළේ කචල්වෙලා

කමණි Monday, 11 July 2016 07:17 AM

මේ නැන්දම්මාට පැසුණු බුද්ධියක් ඇත්නම් සිතයි බැඳපු අලුත ජීවිතේම එකම සැණකෙළියක් කියලා (නි)

:       0       0

අබය Monday, 11 July 2016 12:15 AM

සංගීතයට අකමැති යක්ෂයින් හෝ එම ගතිපැවතුම් ඇති උදවියයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 11 July 2016 12:45 PM

ඕකනේ කියන්නේ නැන්දම්මලා එක්ක බැහැ කියලා. ඒගොල්ලන්ට ඉතින් බෑනා කෑවත් වැරදියි, ඇන්ඳත් වැරදියි. අඩුම තරමේ සින්දුවත් කිවුවත් වැරදියි. අනේ අම්මෝ බෑනෝ, දිවි බේරාගෙන ගිය එකමයි කාරිය (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 11 July 2016 03:35 AM

සංගීතය කියන්නේ අතන මෙතන තට්ටු දාන එක නොවෙයි. මේ වගේ පිස්සෝ නිසා අපට උරුම වටිනා දේවල් අහිමිව යනවා (නි)

:       0       0

පිටිගල Monday, 11 July 2016 04:06 AM

සමහරු අතේ ඇඟිලි වලින් මේසෙට තට්ටු කරනවා. එ්ක කාර්යාල වල මහා හිසරදයක් (නි)

:       0       0

ධම්මි Monday, 11 July 2016 02:46 PM

දැන් බහුතරයක් ඉන්නෙ සංගීත පිස්සො මානසික රෝගීන් අප්පුඩියක් ඕනේ.සද්දයක් ඕනේ. කිය කිය මරහඬදෙන හැටි අහල නැද්ද (අ)

:       0       0

නිශාඩ් ෆ්‍රීනා Friday, 15 July 2016 10:45 AM

තට්ටුම දාලා පිඟන් කෝප්ප ටික කඩලා දායි කියලා බයක් තිතිලා ද දන්නේ නැහැ. (ර)

:       0       0

ගුණවතී Monday, 11 July 2016 05:38 AM

මේසයකට තට්ටුවක් දාන්න පුළුවන් එකෙක් හරි කාර්යාලයක ඉන්න එක වාසනාවක්! (නි)

:       0       0

උදය Wednesday, 13 July 2016 02:06 AM

ඉස්සර විශ්ව විද්‍යාලේ අපිත් එක්ක හිටපු යාලුවෙක් සින්දු පටන්ගන්නේ වැසිකිළියට ගිහින්. එක දවසක් අපි හිටිය නිවස අයිති මහත්මයා ඇවිත් කියනවා අර ළමයට බඩේ අමාරුවක්ද දන්නේ නැහැ, කෙඳිරි ගාන සද්දයක් එනවා කියලා (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 12 July 2016 11:51 AM

ඔහොම වෙලාවට තමයි කියන්නේ කසාදයක් බැන්දම නැන්දම්මවත් නොමිලේ ලැබෙනවා කියල (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1670 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site