IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෑනාගේ මඟුලට තිරිහන් වෙන්න ගිය මාමා රෝහලේ

(බමුණාකොටුව එච්.එම්.එන්. හේරත්)
තම බෑනාගේ මංගල උත්සවයට යාම සඳහා පැසුණු කොණ්ඩය සහ රැවුල ඩයි කිරීමට ගිය මාමා කෙනෙකු විශාල අකරතැබ්බයකට ලක්වූ පුවතක් පිළිබඳව වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වේ.

 
දුර බැහැර ප්‍රදේශයකින් මනාලිය කැඳවාගෙන ඒමේ මංගල උළෙලේ පෝරුවේ චාරිත්‍ර සඳහා ඇවැසි මාමාගේ භූමිකාව සඳහා කැඳවාගෙන යාමට නියමිතව තිබූ මාමා කොණ්ඩය සහ රැවුල කළු කිරීමට යාමේදී හදිසියෙන් රෝගාතුරවී ඇද වැටුණේ මනාල බැනාගේ සිහින බොඳ කරමිනි. 


මංගල උත්සවයට පෙර දින සැන්දෑවේ එහි යාම සඳහා දහවල් සූදානම් වීමට අදහස් කරගත් මාමා ලහි ලහියේ නිවස ළඟ වෙළෙඳසලකින් ඩයි පැකැට්ටුවක් මිලට ගෙන තම කොණ්ඩය සහ රැවුල කළුකර ගැනීමට පටන් ගත්තේ මංගල උළෙලේදී ආකර්ශනීය ලෙස පෙනී සිටීමටය. 


එහෙත් නොසිතූ අයුරින් එම ඩයි වර්ගය නිසා සංකූලතා තත්ත්වයක් ඇති වීමෙන් මාමා රෝහල්ගත කිරීමට සිදුවූයේ මංගල්ලයේ පැවරුණු රාජකාරියටද තිත තබමිනි. 


මාමාගේ රෝගී තත්ත්වය බරපතළ වූයෙන් පවුලේ අයගේද මංගල ගමන ඇනහිටියේය. 


මාමාගේ බිරිඳ අධික මුදලක් වැය කර සූදානම් කරගත් ඇඳුම් ආයිත්තමි වලින් පලක් නොවීම පිළිබඳව ඇය කම්පනයට පත්වූවාය. උදාවූ තත්ත්වයෙන් මහත් කලබලයට හා කම්පනයට පත් බෑනාට තම පෝරුවේ චාරිත්‍ර සඳහා ඇවැස්ස මාමාගේ භූමිකාව සඳහා වෙනත් මාමා කෙනෙකු සොයන්නටද සිදුවිය.



අදහස් (0)

බෑනාගේ මඟුලට තිරිහන් වෙන්න ගිය මාමා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 891 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site