කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත
පළමු වසරට සිසුන් බඳවා ගැනීමේ පරීක්ෂණ මණ්ඩලයට කවදාවත්ම අමතක නොවන සිද්ධියක් පිළිබඳ කතාවක් මේ ඊයේ පෙරේදා අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප්‍රධාන පාසලකිනි.
ආසන්නතාව මත පළමු වසරට සිසුන් බඳවා ගැනීමට මේ විදුහලේ ක්‍රම දෙකක් අනුගමනය කරන්නේය. ඉන් පළමු වැන්න, සම්මුඛ පරීක්ෂණයෙනි. එහිදී සිදු කෙරෙනුයේ ලිඛිත සාධක පරීක්ෂා කිරීමය. දෙවැන්න, ලිඛිතව දුන් පදිංචිය සනාථ කිරීම සඳහා ස්ථානීය පරීක්ෂාවය. එය සාමාන්‍යයෙන් කෙරෙනුයේ රාත්‍රී කාලයේදීය. ඒ සඳහා එන දවස නොදන්වාය.
එදා රෑ මේ පාසලේ පළමු වසර ළමයින් බඳවා ගැනීමේ පරීක්ෂණ මණ්ඩලය වාහනයකින් ගියේ ඒ සඳහාය. ආසන්නතාව මත සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ අයැදුම්කරුවන්ගේ නිවෙස් කරා ගෙන් ගෙට ඔවුහු යමින් සිටියහ.
එක නිවෙසකට මේ අය ගියේ ඒ අනුවය. එම නිවැසියා මේ පරීක්ෂණ මණ්ඩලය දැක පුදුම විය. තමන්ගේ නිවෙසේ ළමයකු එක වසරට ඇතුළත් කිරීමට අයැදුම් නොකළත්, පරීක්ෂණ කණ්ඩායමක් ස්ථානීය පරීක්ෂණය සඳහා පැමිණීම ඔහුගේ පුදුමයට හේතු වී තිබිණ.
මේ නිවෙසෙන් ළමයකු එක වසරට ඇතුළත් කිරීමට අයැදුම් කළ බව කී විට නිවෙස් හිමියා තවත් පුදුම විය. එක වසරට ඇතුළත් කිරීමට ළමයකු නොමැති නිසා මෙය වැරැදීමක් යයි ද ඔහු සිතුවේය.
පරීක්ෂණ කණ්ඩායම මේ නිවෙසේ ළමයකු එක වසරට ඇතුළත් කිරීම සඳහා තමන්ට ඉදිරිපත් කළ මේ නිවෙසේ බදු ඔප්පුව ද නිවෙස් හිමියාට පෙන්නුවේය. ඔහු ද තමන්ගේ නමට ඇති මේ නිවෙසේ බදු ඔප්පුව පරීක්ෂණ කණ්ඩායමට පෙන්වූ විට හැමදෙනාම පුදුම වූහ.
එකම නිවෙස දෙදෙනකුට නිවෙස් හිමියා බදු ඔප්පුවකින් ලියා ඇති බව මෙහිදී ඔප්පු විය. එකම නිවෙසට ලියූ බදු ඔප්පු දෙකෙන් හරි එක කොයි එක ද? ප්‍රශ්නාර්ථයක් වුවත්, පරීක්ෂණ කණ්ඩායම සිය පාසලට ළමයා ඇතුළු කරගැනීමට දමා තිබූ ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කළේ, ඒ අවස්ථාවේදී ඉල්ලුම්පත දමා තිබූ අය එම නිවෙසේ පදිංචිව නොසිටි නිසාලු.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බදු ඔප්පු හුටපටයෙන් නිවැසියා අන්දමන්ද වෙලා