IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බදින්න ගෙනා මාළු තුන්දෙනාට මගදී පණ ඇවිත්

(ගම්පහ - තිලකරත්න දිසානායක)
සති අන්තක දිනෙක මිතුරන් සමඟ හොඳ මාළු බැදුමක්ද සමගින් ආහාර වේලක රස බැලීමට සිතා පොකුණු ආශ්‍රිතව ඇති කරනු ලබන මාළුන් තිදෙනෙකු මිලට ගත් පුද්ගලයකුට නිවස බලා එමින් සිටියදී මාළුන් ජලාශයකට දැමීමට සිදුවීමේ සිද්ධියක් ගම්පහට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


  සිද්ධිය මෙසේය.


පොකුණක ඇති කරන මාළුන් එම මොහොතේදීම අල්ලා දෙනු ලබන බැවින් ඉතා රසවත් බව දැනගන්නට ලැබීම මත පුද්ගලයෙකු සතිඅන්ත දිනෙක මිතුරන් සමඟ ආහාර වේලක රස බැලීමට සිතා අදාළ මාළු පොකුණ වෙත ගොස් විශාල ප්‍රමාණයේ මාළුන් තිදෙනෙකු මිලට ගෙන ඇත. 


  එක් මාළුවෙකු රුපියල් 400ක් වූයෙන් රුපියල් 1200ක් ගෙවා ලබාගත් මාළුන් තිදෙනා බෑගයක දමා දී ඇති අතර හනික නිවෙස බලා පැමිණ ඇත්තේ ඉක්මණින් මාළු බැදුමක් සහ මාළුවක් පිසීම සඳහාය. 


  මඳ දුරක් එනවිට බෑගය තුළ සිටි මාළුන් ඉතා වේගයෙන් දඟලන්නට වූයෙන් ඔහු එය විවරකොට බලා ඇත්තේ කරන්නේ කුමක්දැයි සිතාගත නොහැකිවය. 


  මාළු ඇතිකරන්නා විසින් පොකුණෙන් ගෙන තමන්ට ලබාදුන් මාළුන් තිදෙනාම පණ පිටින් දඟලනු දුටු ඔහුට විශාල කනගාටුවක් දැනී ඇති බැවින් කරන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව වටපිට විපරම් කරද්දී දැකගැනීමට හැකිව ඇත්තේ මේ දිනවල වර්ෂාවෙන් පිරීගිය කුඩා ජලාශයක් වැනි ස්ථානයකි. 


  මිතුරන් සමඟ දිවා ආහාරය ගැනීම පිණිස කඩිනමින් නිවස බලා යමින් සිටි හෙතෙම ජලය පිරී තිබූ ස්ථානයට දිව ගොස් මාළු තිදෙනා ජලයට මුදාහැර ඇති අතර මාළුන් ක්ෂණයකින් වරල් ගසමින් නොපෙනී යද්දී ඔහුට නොදැනීම දෙනෙතින් කඳුළු බිදු කිහියක් රූරා වැටෙන අයුරු මෙම සිදුවීම බලා සිටි අයෙකුට දැකගැනීමට හැකිව ඇත.

 



අදහස් (3)

බදින්න ගෙනා මාළු තුන්දෙනාට මගදී පණ ඇවිත්

pitigala Thursday, 18 October 2018 01:52 AM

ගුණ යහපත් මිනිස්සු තවමත් සමාජයේ සිටීම සතුටට කරුණක්. මාළු බැදලා කෑවාට වඩා සතුටක් හිතේ ඇති වෙන්න ඇති.

:       18       87

lalith Thursday, 18 October 2018 02:18 AM

සාදු.! සාදු.!! හොද පිනක් අබය දානයක්.

:       104       229

thusha Thursday, 18 October 2018 09:15 AM

වර්ෂාවෙන් පිරීගිය කුඩා ජලාශයක් වැනි ස්ථානයකට, මාළුවන් ගිහින් දැම්මා කියලා ඔයාලා හිතනවද මේ මාළුවන්ට අභය දානය ලැබෙයි කියලා. වෙන කව්රු හරි අල්ලාගෙන ගිහින් රස කර කර අනුභව කරයි.මාළුවන් වතුරට දැමූ සංවේදී පුද්ගලයා ගැන දුකක් සිතුනි.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site