IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


බේත වැරදිලා උදේ මල් පිපිලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රෝගියකුට විශේෂ දේශීය ප්‍රතිකාරයක් සඳහා හොඬපර ගෙඩි කිහිපයක් සොයා දෙන ලෙස ඥාති පුත්‍රයෙකු සිය බාප්පාගෙන් ඉල්ලා සිටියේය. මේවා සොයා ගැනීම තරමක් අපහසු බවද මේ පුතා බාප්පාට කීවේය.


මේ බාප්පා බෙහෙත් ගැන වැඩි දැනීමක් නැත්තෙකි. දන්නා හඳුනන කිහිප දෙනෙකුගෙන් කළ විමසීම්වලින් පසු බාප්පා හොඬපර ගසක් ඇති නිවසකට ගියේ එහි ගෙඩි කිහිපයක් ඉල්ලා ගන්නා අදහසිනි. එහි සිටියේ වයෝවෘද්ධ මාතාවකි. 


කාරණය කී පසු මේ මාතාව අනේ පුතේ ඔය ගහ තියෙන්නේ ගෙඩි තියෙනවා නම් කඩා ගනින් කීවේ ඖෂධයක් ලබාදීම පිනක් කොට සලකන නිසාය. ගස අසල කෙක්කක්ද විය. එය ආධාරයෙන් ගෙඩි හතරක් කඩාගත් බාප්පා මාතාවට ස්තුති කර නිවසට ආයේ පසුදා උදේ ඥාති පුතුට එය යවන අදහසිනි. පුතේ, හෙට උදේ මම බෙහෙත් ගෙනත් දෙනවා බාප්පා පුතාට පැවසුවේ බලාපොරොත්තු ඇති කරමිනි. 


ගෙඩි කිහිපය කවරයක බහා නිවසේ මේසයක් මත තැබීය. පසුදා උදේ බලද්දී එහි ගෙඩි නැත තිබුණේ පිපුණු මල් හතරකි. මේ විපර්යාසය කුමක්දැයි කළ සොයා බැලීමේදී හෙළිවූයේ බාප්පා හොඬපර ගෙඩි කියා කඩාගෙන විත් ඇත්තේ පිපෙන්නට ආසනන්යේ වූ පොහොට්ටු හතරක් බවයි. කළ හැකි දෙයක් නැත බාප්පා පුතාට ඇමතුමක් ගත්තේය. සිදුවූ වින්නැහිය ගැන කීවේය. 


පසුදා උදේ සිටම මේ බාප්පා තැනින් තැන යමින් බෙහෙත් හොයමින් කල් ගත කරන්නට විය.

 



අදහස් (0)

බේත වැරදිලා උදේ මල් පිපිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1541 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1354 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 488 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site