IMG-LOGO

බේත් ගන්න ඇවිල්ලා ටෝච් එකත් උස්සලා

(වියලුව වාර්තාකරු)

ප්‍රතිකාර ගන්නට පැමිණ රෝහල් වාට්ටුවක තිබූ විදුලි පන්දමක් ද රැගෙන පලා ගිය මත් පැන් ලෝලියෙකු පිළිබඳ පුවතකි මේ. ඔහු අධික ලෙස මත්පැන් පානයට ලොල්වූවෙකි. අලුත් අවුරුද්ද සැමරුවේද බඩ කට පුරා මත්පැන් පානය කරමින්ය. මත්පැන්වලට කොතෙක් ගිජුවූවේද යත් හවස් භාගය වෙද්දී සිහි විකල් වන තරමටම මත්පැන් පානය කළේය.

නැගිට ගන්නටවත් වාරු නොවූ හෙතෙම අවසානයේදී අසල්වාසීහු එක්ව රෝහල්ගත කරනු ලැබුවේ කිසියම් හෝ ප්‍රතිකාරයක් ලබා දෙන්නටය. දැඩි කුසගින්නේ සිට දිගින් දිගටම මත්පැන් පානය කිරීම නිසා දැඩි සේ රෝගාතුරව සිටි ඔහුට ප්‍රතිකාර වශයෙන් සේලයින් ද නියම කෙරිණි. පරුෂ වචන කියමින් නන් දොඩවමින් රෝහල් වාට්ටුව සිනා සාගරයක් කළ හෙතෙම අවසානයේ නිහඬ වූවේ මැදියම් රැයත් ඉක්ම යද්දීය. මඳ වේලාවක් ගත වෙද්දී නිහඬතාවට හේතුව සොයා බැලූ රෝහල් කාර්ය මණ්ඩලයට දැක ගන්නට ලැබුණේ ඔහු වාට්ටුවෙන් අතුරුදන්ව ඇති බවකි.

මොහොතක් ගත වෙද්දී වාට්ටුවේම සිටි තවත් රෝගියෙකුගෙන් අසන්නට ලැබුණේ ඔහු රෝහල් වාට්ටුවේ මේසයක් මත රෝගීන් පරීක්ෂාව සඳහා තිබූ විදුලි පන්දමක් ද රැගෙන මහ රෑම රෝහලෙන් පිටව ගිය බවකි.



අදහස් (0)

බේත් ගන්න ඇවිල්ලා ටෝච් එකත් උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site