(තලාව උපුල් හේරත්)
ස්වසන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට පැමිණි වියපත් කාන්තාවක දුටු බාහිර රෝගී අංශයේ රෝගින් විශාල පිරිසක් සී -සී කඩ දිව ගිය පුවතක් පෙරේදා (30) මිහින්තලෙන් වාර්තා විය.
හෙද හෙදියන්ද කලබල වී ඇති අතර එය දුටු බාහිර රෝගී අංශයේ රෝගීන් ද කලබල වී ඇත.
රෝහල් කාර්ය මණ්ඩලයද කොරෝනා රෝගියකුට ප්‍රතිකාර කරන ඇඳුම් පැළඳීම නිසා ඒ අසල සිටි පිරිස තවත් බියට පත්වී ඇත. රෝගි කාන්තාව පළමුව වෛද්‍යවරයා විසින් පරීක්ෂාවට ලක්කරනු ලැබීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එම මවට කොරෝනා නැමැති රෝගය වැළඳී නොමැති බවත්, ඇදුම රෝගය වැළඳීමෙන් ඉතාමත්ම අපහසුතාවකින් පසු වූ බවත්ය.
සිද්ධිය පිළිබඳව මිහින්තලේ රෝහලේ වෛද්‍ය කසුන් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී කියා සිටියේ ඇදුම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එම මව ඇතුළත් කර ඇති බවත්, ඇයට කොරෝනා වැළඳී නොමැති බවත්ය. රෝගි කාන්තාවට තමා ප්‍රතිකාර නොකළ බවත්, වෙනත් වෛද්‍යවරයකූ විසින් මුලික ප්‍රතිකාර ලබාදීමේදී ඒ අවට සිටි පිරිස කලබල වන්නට ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේය. මේ මවගේ පුතකු සංචාරක මගපෙන්වන්නකුවීම මේ කලබලයට හේතුවී ඇතැයි වාර්තාවේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බේත් ගන්න ආ මවට බියවී රෝගීහු සීසීකඩ දුවලා