IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


බිත්තර හැංගු මුදලාලිට බලු රැලක් දඩුවම් දීලා

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ට බියෙන් බිත්තර පෙට්ටිය කඩේ පිටුපස ලඳු කැලෑවේ සැඟවූ ව්‍යාපාරිකයකුට ලැබුණ අපූරු දඬුවමක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
විවිධ ක්‍රම මගින් මුදල් ඉපයීම සිදුකළ පුද්ගලයකු සිල්ලර සහ කුකුළු මස් කඩයක් පටන් ගත් අතර කිසිදු දෙයක් අඩු මිලට එහි අලෙවි නොකළේය. සෑම අවස්ථාවකම අසීමිත ලාබයක් උපයා ගැනීම ඔහුගේ අභිලාසය විය.


මැදිවියේ පසුවූ මුදලාලිගේ බිරිය රූමත් තැනැත්තියක වූ අතර ඇය ද මුදලාලිට දෙවැනි නොවන ලෙස වෙළෙදාම්වල නිරතවූවාය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ නගර සභාවේ නිලධාරීන් හෝ පැමිණෙන බවට ආරංචියක් ලැබුණු දිනවලදී වෙළෙඳසල වසා තැබීමට ව්‍යාපාරික යුවළ අමතක නොකළහ.
බිත්තර සහ කුකුළු මස් ඉතා ඉහළ මිලකට අලෙවි කිරීම පිළිබඳව ප්‍රදේශයේ නමක් දිනා සිටි වෙළෙඳසලක් වන මෙය සතිපොළ පැවැත්වෙන දිනට අනිවාර්යයෙන්ම විවෘත කර තැබීමට මුදලාලි වගබලා ගත්තේය. පොළ දවසේ දහවල් වන විට පාරිභෝගිකයන්ගෙන් වෙළෙඳ සල පිරී ගොස් තිබූ අතර වෙළෙඳසලේ දුරකථනයට ලැබුණු ඇමතුමක් නිසා මුදලාලි දැඩි කලබලයට පත්විය. 


බිරියගේ කනට කොඳුරා යමක් පැවැසූ මුදලාලි කඩේ කෙළවරක තිබූ බිත්තර පෙට්ටිය ද රැගෙන පිටුපස දොරෙන් පිටව ගියේය. මද වේලාවකින් නැවත පැමිණ සුපුරුදු පරිදි වෙළෙදාම් කටයුතු කළ අතර පැය දෙක තුනක් ගත වුවද දුරකථන ඇමතුමෙන් ලද පණිවිඩයට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ද පැමිණියේ නැත.
මුදලාලිට බිත්තර පෙට්ටිය සිහිවූයේ පාරිභෝගිකයකු පැමිණ බිත්තර පිළිබදව විමසීමෙන් පසුවය. කලබලයෙන් වෙළෙඳසල පිටුපසට ගිය මුදලාලිට දෙවියන් සිහිවිය. කඩේ පිටුපස ලඳු කැලෑවේ සඟවන ලද බිත්තර පෙට්ටිය පෙරළා ගෙන බල්ලන් සහ කබරයන් කන අයුරු දුටු මුදලාලිට උන්හිටි තැන් අමතකව උස් හඬින් විලාප තැබුවේය.


කඩය තුළ සිටි පිරිස සහ බිරිඳ දිවගොස් බලන විට මුදලාලි ඉතිරිවී තිබූ බිත්තර තුන හතරක් එකතු කරන අයුරු දැකගත හැකි විය. 
සිදුවී ඇති කාරණය පිළිබඳව පිරිසට අවබෝධ කර ගැනීමට වැඩි කාලයක් ගත නොවූ අතර එදින වෙළෙඳසල කල් ඇතිව වසා තැබීමට දෙදෙනා කටයුතු කළහ. බිත්තර පෙට්ටිය සැඟවීමේ කතාව ලැව්ගින්නක් සේ ගම පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවූ අතර දුරකථන ඇමතුම් ලබා දී බිත්තර නැද්දැයි විමසන අවස්ථාවලදී මුදලාලි ලු‍ණු ඇඹුල් ඇතිව පිළිතුරු දෙන බව ද සැලවේ.



අදහස් (0)

බිත්තර හැංගු මුදලාලිට බලු රැලක් දඩුවම් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site