IMG-LOGO

බිත්තර වී කියා හාල් හිටවන්න ගිහින්

ඔහු රජයේ සේවයෙන් විශ්‍රාමව තමන්ගේම කුඹුරු වගා කරමින් ජීවත් වූ අයෙකි.


මෙවරද යල් කන්නයේ (2018) වී වැපිරීම සඳහා බිම් සකසා බිත්තර වී පැළ කරගැනීමට නිවස ඉදිරිපිට ගලා බස්නා ඇළට බිත්තර වී මල්ල ගෙන ගොස් දැම්මේය.


 ගොවි මහතා පැය 24ක් ජලයේ පොඟවා ගත් බිත්තර වී මල්ල නැවත ගොඩ ගෙන නිවසට ගෙන ගොස් තැබුයේ පැළවීමටය.


වී වපුරන දිනය උදාවූයේ තවත් දින දෙකකට පසුවය. එදින ගොවි මහතා උදෙන්ම පිබිද කුඹුරට ගොස් ජලය කපා නිවසට පැමිණියේ බිත්තර වී මල්ල රැගෙන යාමටය.


මේ වනවිට කුඹුරේ වැඩ කිරීම සඳහා කුලීකරුවන්ද පැමිණ ඇත. 


උදයේ ආහාරය ද ගත් ඔහු බිත්තර වී පැළවී ඇද්දැයි මල්ලේ කට බැඳි ලණුව ඉවත් කර බලනවිට විශාල දුර්ගන්ධයක් ද මල්ලෙන් වහනය විය.


ඔහුට තරු පෙනුණේ එවිටය. ඒ බිත්තර වී මල්ල වෙනුවට ජලයේ පොඟවා ඇත්තේ නිවසේ කෑමට තිබූ සහල් මල්ල බැවිනි. බිත්තර වී මල්ල තවමත් තිබූ තැනමය.


 තමන්ගෙන් සිදුවූ අත්වැරැද්ද නිසා එදින කුඹුර වැපිරීමට නොහැකිවීමෙන් ඇතිවූ කෝපයත්, ලැජ්ජාවත් යටපත් කරමින් ගොවි මහතා කුඹුරට දිව ගොස් කුලීකරුවන්ට කීවේ  අද වී වපුරන්නේ නැති බවත් තවත් දින තුනකට පසු වී වැපිරීමට එන ලෙසත්ය.


සත්‍ය කතාවකි.
(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)



අදහස් (0)

බිත්තර වී කියා හාල් හිටවන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 273 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site