IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බෑණා ගෙනා තෑගි පෙට්ටිය දුටු නැන්දම්මාත් නෑනාත් වස ලැජ්ජාවක

(හිඟුරානේ නවරත්න සමරතුංග) 
දකුණු ඉවුරේ පදිංචි වී සිටින නැන්දම්මා කෙනෙකුගේ දුක සැප බලන්නට වම් ඉවුරේ සිට පැමිණි බෑණා කෙනෙකු තම නෑනා ඉදිරියේ වස ලැජ්ජාවකට පත්වූ සිද්ධියක් අම්පාරේ ගොවි ගම්මානයකින් වාර්තා වේ. 


සිද්ධිය මෙසේය. 


ඔහු රෙදි බැනියම් ඇඳගෙන ගමන් බිමන් යන බාස් කෙනෙකි. කතාවෙන් හා ඉඳුම් හිටුම්වලින් ගම්‍ය වුණේ නූගත් බවකි. 


පසුගිය දිනක ඔහුගේ බිරියගේ මව සුළු අසනීපයකින් පසුවූ බව කියති. 


ළමා ළපටින්ද රැගෙන දුර ඈත යාමට අසීරුවූ බැවින් ඔහුගේ බිරිඳ තම සැමියා පමණක් එහි යවා මවගේ සැපදුක් බලාගෙන එන්නට පිටත් කර හැරීමට තීරණය කළාය. 


ඒ අනුව ගෙවත්තේ වැටුන කෙසෙල් කැනෙන් ඇවරියක්ද කපා ගමන් මල්ලට දැමූ බිරිඳ ඔහු නිවසෙන් පිට වන විට ‘අපේ අම්මාට විස්කෝතු පෙට්ටියකුත් අරන් යන්නැයි’ කීවාය. 


‘හා හොඳයි!’ කී ඔහු නගරය වෙත පැමිණ එක්තරා වෙළෙඳසලකට ගොඩවැදී බලනවිට එහි ගොඩගසා තිබුණ කිසියම් විස්කෝතු පෙට්ටි තොගයක් දැක ඒවායේ මිල විමසා එතැන සිටි සේවිකාවට මේක හොඳට පාර්සල් කර දෙන්නැයි පවසා ඇත. 


ඉන්පසුව බිල ගෙවූ ඔහු එයද ගමන් මල්ලේ දාගෙන නැන්දම්මා බලන්නට එම නිවසට ගොස් ඇත. 


ඔහු එහි යන විට බිරිඳගේ නැගනියක හෙවත් නෑනා කෙනකුද එහි සිටියාය. තෑගිබෝග මල්ල ඇය වෙත දිගුකළ ඔහු මේක නැන්දම්ට දෙන්නැයි කිවේය. 


ඉන් අනතුරුව තොරතුරු කතාකරමින් සාලයට වී සිටි බවද කියති. 


මේ අතර බෑණන්ඩිය ගෙනා පාර්සලය පරීක්ෂා කළ නැන්දම්මා පුදුමයට පත්ව බෑණාගේ මෝඩකම කියන්නට දියණිය කාමරයට කැඳවා එය ඇයට පෙන්වූවාය. 


කටකාර තරුණියක වූ නෑනා ඔහු ගෙතුළට කැඳවද්දී නැන්දම්මා ලැජ්ජාවට පත්ව ඉවතට ගියවිට ඇය ඔහුට මෙසේ කී බව පැවසේ. 


‘මොක්කද අනේ මේ? අම්මට තිබුණේ ඔයා හිතන ජාතියේ අසනීපයක් නෙවෙයි! උන්දැට තිබුණේ කොන්දේ අමාරුව’කැයි කියද්දී කරුණු තේරුම් නොගත් ඔහු ‘ඉතින්!’ යැයි කීය. 


‘ඉතින් කිතුල්’ මේ පාර්සලේ තියෙන දේවල් පාවිච්චි කරන්නේ අසවළුන් ’යැයි ඇය ලුණු ඇඹුල් හරිමින් ඔහුගේ කනට කර රහසින් යමක් කීවෙන් කරුණ තේරුම්ගත් ඔහු ‘දෙයියෝ සාක්කි මම හිතුවේ ඕක විස්කෝතු ජාතියක් කියලනේ’ කියමින් සනීපාරක්ෂක තුවා පෙට්ටිය නැවත අකුලාගෙන ගමන් මල්ලේ ඔබා ගත් බව කියති.

 



අදහස් (0)

බෑණා ගෙනා තෑගි පෙට්ටිය දුටු නැන්දම්මාත් නෑනාත් වස ලැජ්ජාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site