පාසල් නිවාඩුවට පෙර වාර පරීක්ෂණයේ ලකුණු හා ලබාගත් ස්ථානය පිළිබඳව ගුරුවරුන් තම පාසල් දරුවන්ට වාර්තා පොත මගින් දැනුම්වත් කිරීම සිරිතකි. නිවාඩු දිනයට පෙර වාර්තා පොත් ලබා දීමට පැවති වාර පරික්ෂණයේ පිළිතුරු පත්බැලිය යුතුය. එමෙන්ම මෙය වගකිව යුතු කාර්යයක් වන්නේ නිවැරැදි පිළිතුරු හා ලකුණු කිසිවෙකුටත් අසාධාරණයක් නොවන සේ ලබා දිය යුතු බැවිනි.

අතිශය දුෂ්කර පෙදෙසක සේවයේ නියැළෙන අප කතා නායිකාව තරුණ වියේ ගුරු මෙනෙවියෙකි. එම පාසලට නවකයෙකි. ඇය හයවන ශ්‍රේණියේ බුද්ධාගම පිළිතුරු පත්‍ර පරික්ෂා කරමින් සිටියාය. එකී ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක් මෙසේ විය. “බණ ඇසීමෙන් පසු ඔබට ලැබෙන්නේ මොනවා ද” එයට සිසුවා පිළිතුර ලියා තිබුනේ “බත් හා අයිස්ක්‍රීම්” යනුවෙනි.
මේ පිළිබඳව සොයා බැලූ ගුරුවරියට දැනගන්නට ලැබී ඇත්තේ එම පාසලෙහි පොසොන් සමයේ ධර්ම දේශනයක් පවත්වා අනතුරුව පාසල් දරුවන්ට කෑම වේලක් සහ අයිස්ක්‍රීම් ලබා දීමට ගුරුවරුන් පියවර ගෙන ඇති බවය. ඒ අනුව සිසුවාගේ පිළිතුරුට ලකුණු දෙන්නේ කෙසේ දැයි ඇයට ද ප්‍රශ්නයක් වී තිබේ.
(තලාතුඔය ටී.එච්. සරත්)
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බණෙන් පස්සෙ බත් අයිස්ක්‍රීම්