(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
තම බිරියට දරුවකු ලැබීමට ඇති බව නැන්දම්මා පැවසූ විට “අදාළ නෑනේ” යැයි පවසා බිරිය ගෙන්නා නැන්දම්මාගෙන් බැනුම් අසා සමාව ගත් සැමියකු පිළිබඳව අගනුවරින් වාර්තා විය.
සිද්ධිය මෙසේය, ඔවුන් අලුත විවාහ වූ තරුණ යුවළකි. තරුණයාගේ වයස අවුරුදු විසිපහකි. තරුණියගේ වයස අවුරුදු විසි දෙකකි. තරුණයා කාර්යාලයක සේවය කළ අතර ඔහු තදින්ම මුහුණු පොතට ඇලිගැලී සිටින අයෙකි. කාර්යාලයේත්, නිවසේදීත් ඔහු බොහෝ වේලා ගත කරන්නේ මුහුණුපොතත් සමගය.
ඔහුගේ බිරිය සාමාන්‍යයෙන් ලැජ්ජා සහගත තැනැත්තියක් වූ අතර ඇය මුහුණු පොතට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මේ අතර පළමු දරුවා පිළිසිඳ ගෙන ඇති බව දැනගත් ඇය එය සැමියාට කීමට අදිමදි කළාය. ඇය මේ පිළිබඳව ඇයගේ මව දැනුම්වත් කර සැමියා වැඩ ඇරී නිවෙසට පැමිණි විට ඔහුට එය කියන ලෙස මවට කීවාය.
ඔහු වැඩ ඇරී නිවෙසට පැමිණ ඇඳුම් මාරුකර මුහුණුපොතේ සිටිනා අතර ඔහුගේ නැන්දම්මා පැමිණ “පුතේ ඔන්න දුවට දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා” යැයි පැවසීය. එවිට ඔහු මුහුණුපොතේ සිහියෙන්ම “ඉතින් මට අදාළ නෑනේ” යැයි පවසා ඇත. එවිට උරණ වූ නැන්දම්මා සහා බිරිය “තමුන්ට අදාළ නැත්නම් එහා ගෙදර මිනිහට ද අදාළ. මං කිව්වා මේ කසාදේ කර ගන්න කොට” යැයි දෝස් මුර තබද්දී වහා පියවි සිහිය ලැබූ ඔහු කාරණය නැවත අසා බිරියගෙන් සහ නැන්දම්මාගෙන් සමාව ගත්තාලු.
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බෑණාගේ උත්තරේට නැන්දම්මාට යකා නැගලා
කෞශල්‍යය Tuesday, 14 June 2016 04:29 PM
කවදාහරි මුහුණු පොත තහනම් කළොත් ලංකාවේ එදාට පවුල් වල ආරවුල් ගොඩක් අඩුවෙයි. (නි)
දීපාල් Tuesday, 14 June 2016 07:36 AM
ඔය දේ අම්මාට නොකියා ස්වාමියාට කිව්වා නම් ඔහු සතුටු වෙයි.(හේ)
පිටිගල Thursday, 16 June 2016 10:23 AM
හාපෝයි වෙච්ච දෙයක්.... (ර)
කලන Friday, 17 June 2016 06:17 AM
අදාල නැනේ... (ර)
සිසිර Tuesday, 14 June 2016 09:18 AM
කිසිම තේරුමක් නැතිව යන රැල්ලට අහු වෙලා ගහගෙන යන තරුණ පිරිසක් මේ රටේ ඉන්න එක ඇත්තටම කනගාටුවට කාරණයක්. මොන දෙයක් වුණත් අවබෝධයෙන් පාවිච්චි කල යුතුයි. සමාජ ජාල වල හුවමාරු වෙන කිසි තේරුමක් නැති හරසුන් දේවල් මෝඩ විදියට තමන්ගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කර ගන්න යන එක තමයි මේ වගේ අවුල් වලට මුල. (අ)
සංගීත් Sunday, 19 June 2016 07:04 PM
මෙවලම් වලට අැබ්බැහි වූ ජීවිත අවලම් වෙති (නි)
අජිත් Tuesday, 14 June 2016 09:25 AM
නැන්දම්මා හරි. (ර)
තරංග Tuesday, 14 June 2016 02:30 AM
මොන දේ වුණත් අම්මා කෙනෙක් එහා ගෙදර මිනිහා ගැන කියපු කතාව අනුමත කරන්න බැහැ. තමන්ගේ දුවට නේද ඒ වගේ කතාවක් කිවුවේ? (නි)
දනීෂ Wednesday, 15 June 2016 04:39 AM
අනූ හරි. අනික ඕක ලැජ්ජා වෙන්න දෙයක්ද? මහත්තයට මොනවද හංගන්න තියෙන්නේ (නි)
පිටිගල Tuesday, 14 June 2016 03:50 AM
මෝඩකමේ හිනිපෙත්තටම ගිය සැමියෙක්. (නි)
විමල් Tuesday, 14 June 2016 03:55 AM
නැන්දම්මාගේ කීමෙත් වරදක් නැහැ. අදාළ පුද්ගලයා මට අදාළ නැහැ කියනකොට වෙන මොනවා කියන්නද? (නි)
මනෝරි Wednesday, 15 June 2016 05:09 AM
ඔව් දනීෂ, එහෙනම් අම්මාට කියන්නනේ ලැජ්ජා වෙන්න ඕනෑනේ. (නි)
කරුණාරත්න Tuesday, 14 June 2016 04:04 AM
නැන්දම්මට තිබුණේ කණ රත්වෙන්න දෙකක් දෙන්න (නි)
ප්‍රියන්ත Thursday, 16 June 2016 02:05 PM
කරගන්නකොට හොඳයි. කියන්න තමයි ලැජ්ජා. අනේ මගේ කට. මුහුණු පොතේ ගොඩක් වෙලා ඉන්නවා නම් ටිකක් හොයලා බලන්න වෙයි. (නි)
යාපා Tuesday, 14 June 2016 04:04 AM
මදැයි ෆේස්බුක් වලට ඔච්චර ඇබ්බැහි වෙලා ඔහොම බේරුනා (නි)
අරවින්ද Tuesday, 14 June 2016 04:17 AM
බෑණත් පුදුම මිනිහෙක්නේ! (නි)
අනූ Tuesday, 14 June 2016 12:23 PM
කියන්න ලැජ්ජයි කරන්න ලජ්ජා නෑ (බ)
ඉන්දු Tuesday, 14 June 2016 01:35 PM
මේක මහා පුදුම ලජ්ජාවක්නේ..(බ)
පිටබැද්දර ජයා Tuesday, 14 June 2016 05:51 AM
මේ නැන්දම්මලා ගාවාගත්තොත් නම් පවුල් කාලා හමාරයි. මහත්තයෝ, පුළුවන් තරම් ඉක්මනට නැන්දම්මා අතේ දුරින් තියාගන්න (නි)
සරසි Tuesday, 14 June 2016 01:55 PM
නැන්දම්මලාත් මුහුණු පොතත් බොහොම පරිස්සමෙන් සිමා සහිතව ජිවිතයට වැද්ද ගත යුතු කාරණාවන්ය. ඇතුවත් බැරිය . නැතිවත් බැරිය (බ)
රිතික් Wednesday, 15 June 2016 02:04 PM
ඉතින් ඒ තරුණ ජෝඩුවගෙ කතා නැන්දම්මාට අදාළ නැහැනේ (නි)
ජයරත්න Tuesday, 14 June 2016 05:57 AM
නව යුවලගේ කටයුතු වලට නැන්දම්මා ඕනෑවට වඩා මැදිහත් වීමෙන් අනාගතයේදී ගැටලු රැසක් ඇතිවිය හැක. (නි)
ජෙහාන් Tuesday, 14 June 2016 02:14 PM
පිටබද්දරට නැන්දම්මලාගෙනුත් අපලයි වගේ. අනේ අපොයි බවලතුන් නැති ග්‍රහ ලෝකයක්වත් සොයා ගත්තොත් ජයාට හොඳයි වගේ. (බ)
සිල්වි Friday, 17 June 2016 06:01 PM
නැන්දම්මාට වැඩිය භයානකයි මුහුණු පොත. කවදාහරි පවුල් කැඩෙන්නේ ඔය පොත නිසා තමා. (නි)