තම නිවෙසේ නතරවී සිටි බෝඩිම් කාරයකුගේ පුදුම කතාවක් නිසා නිවෙසට ගෙන එන ආහාර ද්‍රව්‍ය සංශෝධනය කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහිර පළාතේ ප‍්‍රකට අධ්‍යාපන ආයතනයක් අසල නිවෙසකිනි. ගුරු යුවළකට අයත් මේ නිවසේ තම කුඩා දරුවන් දෙදෙනාට අමතරව අසල වූ අධ්‍යාපන ආයතනයේ සේවකයෝ දෙදෙනෙක්ද නේවාසිකව සිටියහ. සිරිතක් වශයෙන් මේ නේවාසිකයෝ ගෙදර දරුවන්ට යම් යම් විෂය කරුණු ද ඉඳහිට ඉගැන්වූහ. මේ නිවෙස් හිමියාගේ ඥාතියකු රුහුණේ ප‍්‍රදේශයේ සිටි හෙයින් කෑමට එළවළු වර්ග ලැබුණේ ඒ ප‍්‍රදේශයෙනි. දිනපතා කෑමට වට්ටක්කා නොඅඩුව ලැබිණි. මේ නිසාම නේවාසිකයන්ට වට්ටක්කා කෑම එපා වී තිබුණි. පසුගියදා එක් දරුවකු බෝඩිම්කාර අයියා කෙනකුගෙන් ඇසුවේ ‘‘ලේවල වැඩියෙන්ම ඇත්තේ මොනවාද?’’ කියාය. තරුණයා අනිකා දෙස බලා එක්වරම කීවේ ‘‘අපේ ඇෙඟ්නම් ලේවල වැඩිපුර ඇත්තේ වට්ටක්කා ජූස්’’ කියාය. මේ කතාව ගෙදර මවුපියන්ට ආරංචි වීමත් සමග දැන් මේ නිවසට වට්ටක්කා ගේන්නෙම නැතිලූ.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝඩිං කාරයන්ගේ ලේවල තිබෙන්නේ වට්ටක්කා ජූස්ලූ