(තිහගොඩ - උපසේන ලියනගම)
සිය මෝටර් රථවල ගෙවීගිය කොටස්වලට අවශ්‍ය නව කොටස් කීපයක් මිලදී ගැනීම සඳහා තංගල්ල ප්‍රදේශයේ පදිංචි මේ යහළුවන් දෙදෙනා පසුගියදා අගනුවරට ගියේ කොරෝනා උවදුර තරමක් පහළ ගොස් තිබූ හෙයිනි.
නුගේගොඩ ප්‍රදේශයේ කරක් ගැසූ ඔවුන්ට අවශ්‍ය වාහන කොටස් මිලදී ගැනීමට හැකි වුවත් දහවල් වී තිබූ නිසා සාගිනි නිවා ගැනීමට ගියත් එහි සියලුම ආපන ශාලා වසා තිබීම මහා ගැටලුවක් විය. ඒ ගෑස් හිඟය නිසාය.
දිගු ගමනකින් පසු ඔවුනට දක්නට ලැබුණේ පලතුරු ආශ්‍රිත බීම වර්ග හා පලතුරු කොටස් අලෙවි කරන තරමක් ඉහළ පන්තියේ සුපිරි වෙළෙඳසලකි. එහි විවිධ පලතුරු බීම වර්ග හා සැලඩ් වර්ග තිබුණත් ඒවායේ මිල අධික වනු ඇතැයි සිතූ ඔවුන් ගස්ලබු කැබලි දෙකක් පමණක් ඇනවුම් කළේ සාපිපාසාව මඳක් හෝ නිවා ගැනීමටය.
ගස් ලබු කැබලි දෙක කෑමෙන් පසු වෙළඳ සේවකයා එහි බිල ලෙස රුපියල් දෙදහස් හාරසියයක මුදලක රිසිට් පතක් රිදී තැටියක තබා ඔවුන්ට ඉදිරිපත් කළේ ඔවුන්ට දෙවියන් සිහි කරමින්ලු.
2025 නොවැම්බර් මස 04
16
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඩගින්නට ගස්ලබු කෑලි 2 ක් කාලා: අන්තිමේ එලොව පොල් පෙනිලා
vernon Friday, 07 January 2022 02:27 PM
මේ කතාවම හෝටලේක වුණා කියලා මීට වසර කීපයකට කලින් මෙතැනම පළවුණා. නුගේගොඩ ඕනෑතරම් කන්න තැන් තියෙනවා. මෙතන මේ ගස්ලබු කෑලි දෙකක් නොවෙයි, කන්න ඇත්තේ ලොකු ගස්ලබු පලු දෙකක්. ඒකත් වෙන ඒවා නැතිව කෑවා කියන එකත් පිළි ගන්න බෑ. හරියට නේත්‍රපලම් කෙසෙල් කාලා කෙසෙල් ගෙඩියක් මෙච්චර වුණා කියලා හූල්ලනවා වගේ...