IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බැංකු පෝලිමේ ඔත්තුවට පිරවුම්හලට අපූරු උපදෙසක්

(අරුණ එස්. කුමාර)

තෙල් වැඩිවන ආරංචියට ඉන්ධන පිරවුම්හලේ පොම්ප වහන්නැයි ඉන්ධන හල් හිමිකරු ජංගම දුරකථනයෙන් ගෝලයන්ට දැනුම් දීමේ අපූරු සිද්ධියක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා විය.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. ගම්පහ නගරයේ පිහිටි රජයේ බැංකුවකි. මුදල් තැන්පත් කරන්න මෙන්ම මුදල් ගැනීමට බැංකුවේ දිගු පෝලිම් පැවැතිණි. ඒ අතර තරමක් මැදිවියේ පුද්ගලයෙක් මුදල් ගැනීමේ පෝරමයක් පුරවා පෝලිමේ සිටියේය. ඊට පිටුපසින් සිටියේ අතේ මුදල් පාර්සලයක් තබා ගත් තවත් මැදිවියේ පුද්ගලයෙකි. ඉදිරියෙන් සිටි පුද්ගලයාට හදිසියේ දුරකථන ඇමැතුමක් ලැබිණි. දෙබස අසල අයට ද ඇසිණි.

දුරකතනය කෙළවරේ සිටි පුද්ගලයා මෙසේ කීය. අයියේ, අද රාත්‍රියේ සිට තෙල් මිල වැඩිවෙනවා. වාහනයට තෙල් ටිකක් ගහගන්න. ඒ සමගම එම පුද්ගලයාට පිටුපසින් සිටි පුද්ගලයා හදිසියෙන් කාටදෝ දුරකතන ඇමැතුමක් ගත්තේය. ළමයිනේ අද රෑ තෙල් ගණන් වැඩිවෙනවා. පාර අයිනේ තියෙන ඩීසල් පොම්පය වහන්න, පෙට්‍රල් පොම්ප දෙක වහන්න. බ්‍රේක් ඩවුන් කියලා එන හැමෝටම කියන්නැයි වහාම ඔහු උපදෙස් දුන්නේය.



අදහස් (0)

බැංකු පෝලිමේ ඔත්තුවට පිරවුම්හලට අපූරු උපදෙසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site