IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පී.එච්.අයි ලා දැක්කාම යතුරුපැදිය පෙරළිලා

(ගල්ගමුව නිහාල් ජයවීර)
මහමග අසල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීපදෙනකු රැඳී සිටිනු දැක කලබල වූ යතුරුපැදිකරුවකු කාණුවකට වැටී ඔහුත් එහි ගමන් ගත් අනෙක් තරුණයාත් තුවාල ලැබීමේ සිද්ධියක් ගල්ගමුවේ ගමකින් දැන ගැනීමට ලැබුණි.


මේ තරුණයන් දෙදෙනා ආරක්ෂිත හිස්වැසුම් හෝ අදාළ බලපත්‍ර ද නොමැතිව යතුරුපැදියක නැගී කාපට් කළ මාර්ගයක මඳ වේගයකින් පැමිණෙමින් සිටියදී ඉදිරියේ කාකි ඇඳුම් ඇඳගෙන සිටි දෙතුන් දෙනකු මග අසල සිටින බව දැක තිබේ. ‘පොලිස් පොලිස්’ යි පිටුපස වාඩි වී පැමිණි තරුණයාගේ මුවෙන් ඉබේටම පිටව තිබේ.


පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිවී එය මාර්ගයෙන් ඉවතට පැන කාණුවට වැටී පෙරළී ගොස් ඇත.


යතුරුපැදිය අනතුරකට පත්වූ බව දුටු මහජන පරීක්ෂකවරුන් වහා එම ස්ථානයට දුව ගොස් තිබෙන අතර දණිපනි ගා නැගිටගත් තරුණයන් දෙදෙනා ‘අනේ සර් සමාවෙන්ඩ ඕන. හෙල්මට් දෙකයි ලයිෂන් ඉන්ෂුරන්ස් ටිකයි ගෙදර තියෙනවා. හදිසි ගමනක් නිසා ඒවා ගේන්ඩ බැරිවුණේ’ යැයි බැගෑපත්ව පවසා තිබේ.


‘හා හා... අපි පොලිසියෙන් නෙමෙයි. අපි පී.එච්.අයි. මහත්තුරු. දැන් මොකද වෙලා තියෙන්නේ’ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විමසා සිටියේය. ‘පොඩි සීරීම් තුවාල ටිකක් වෙලා තියෙනවා. බයික් එකටත් ටිකක් ඩැමේජ්. ඒකට නම් කමක් නෑ. අපි හිතුවේ පොලිසියෙන් කියලා. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ’ යි යතුරුපැදිකරුට කියැවිණි.

 



අදහස් (1)

පී.එච්.අයි ලා දැක්කාම යතුරුපැදිය පෙරළිලා

sampath Friday, 05 July 2019 11:55 AM

ලංකාවේ මිනිස්සු හිතන්නේ හෙල්මට් දන්නේ පොලිසිය ඉන්න නිසා කියලයි. එයාලගේ ආරක්ෂාවට හෙල්මට් දාන්න ඕනේ කියලා හැඟීමක් නැහැ. යතුරුපැදිවලින් අවුරුද්දකට කී දාහක් මැරෙනවද? ලංකාවේ යතුරුපැදි අනතුරුවලින් මේ වෙනකොට ලක්ෂයකට වැඩිය තරුණ ජීවිත අහිමි වෙලා ඇති...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 917 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site