IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පළමු බිරියට දරුවා ලැබෙද්දී සැමියා දෙවැනි බිරිය තුරුළේ

ඔහු විසිතුන් හැවිරිදි තරුණයෙකි. ප්‍රේම සම්බන්ධයක් මත ලාබාල තරුණියක් සමග 2015 මැයි 5 වැනි දින විවාහ වූ අතර විවාහවී ටික දිනකින් ඔහු විදේශ ගත විය. ඒ වන විට ආදරණීය බිරිය ගැබිනියක්ව සිටියාය.


විදේශ ගතවී ටික දිනකින් ෆේස්බුක් හරහා තවත් තරුණියක් හඳුනා ගන්නට ලැබුණු ඔහු අලුත් හැඟීමකින් පිබිදී ගියේය. එම තරුණියද ඔහුගේ ගමට ආසන්න ගමක වීම මිතුදම පවත්වාගෙන යාමට තවත් රුකුලක් විය.


අලුත් මිතුදම ටික දිනකින් ප්‍රේමණීය සම්බන්ධයක් බවට පත්විය. ඔහුගේ බිරිය දරුවා ප්‍රසූත කිරීමට සූදානම්ව සිටි නිසා ඔහු මාස කිහිපයකින් යළි ලංකාවට ආවේය. එහෙත් ඔහුගේ යටි අරමුණ වූයේ තමාගේ ලෙයින් උපදින දරුවා බැලීම නොව අලුත් පෙම්වතිය බැලීමය.


මේ අතර බිරිය මැයි 2 වැනිදා දරුවා ප්‍රසූත කළාය. ඇය ප්‍රසව වේදනාවෙන් රෝහල දෙවනත් කරමින් කෑ ගසන විට ඔහු සිටියේ අලුත් පෙම්වතියගේ තුරුලේය. තවත් ඉවසා සිටීමට නොහැකිවූ ඔහු පළමු විවාහයෙන් හරියටම වසරකට පසු හික්කඩුව ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ළඟ දෙවන විවාහය ලියාපදිංචි කළේය.


ඒ වන විටද දරුවා ප්‍රසූත කළ බිරිය සිටියේ රෝහලේය. එහෙත් අලුත් බිරියගේ පාමුල ඔහුට සියල්ල අමතක විය. අවසානයේ තම දරු පැටියා තුරුළු කරගත් ඇය ගාල්ල පොලිසියට පැමිණ සැමියාට විරුද්ධව පැමිණිල්ලක් සටහන් කළාය.


 මාස කිහිපයකට පසු ඔහු අත්අඩංගුවට ගත් අතර දෙවන බිරිය කියා සිටියේ ඔහු අතහැරීමට බැරි බවය. ඔහුද කියා සිටියේ ඇයම ඕනෑ බවය. බහු විවාහයක් කර ගැනීමේ චෝදනාම යටතේ ඔහු අධිකරණයට ගෙන යන විට දෙවන බිරිය ඔහු පසුපසින් අධිකරණය වෙත ගිය අතර පළමු බිරිය දරුවා වඩාගෙන නිවසට යාම සඳහා බස් නැවතුම් පොළට ගියාය.


ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා, උපපොලිස් පරීක්ෂක පාලිත රාමසිංහ, කාන්තා සැරයන් දීපිකා 5320 යන මහත්ම මහත්මීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

(උණවටුන ඩී.ජී. සුගතපාල)



අදහස් (0)

පළමු බිරියට දරුවා ලැබෙද්දී සැමියා දෙවැනි බිරිය තුරුළේ

ජනිත් Friday, 30 September 2016 02:58 AM

ඉන්න ඕනෑ එකයි එයාටයි ආදරය කරන්න ඕනෑ.... එවිටයි පවුල් ජිවිතය සාර්ථික වෙන්නේ (ම)

:       0       0

රුපවතී Thursday, 29 September 2016 11:53 AM

පව් අහිංසක දරුපැටිය සහ තරුණ කාන්තාවට ආදරණීය දෙමාපියන්ගේ රැකවරණය ලැබේවා ..! (ර)

:       0       0

දයානි Thursday, 29 September 2016 02:59 AM

අද කාලේ මේවා සාමාන්‍ය දේවල්. (නි)

:       0       0

උදාර Thursday, 29 September 2016 02:25 PM

හරිම කණගාටුයි මෙවැනි දේවල් ඇසීමත් (නි)

:       0       0

ජනිත Thursday, 29 September 2016 04:42 AM

ගම කනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site