IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පුහුපොල් ගෙනත් අම්බානට බැනුම් අහලා

බෙන්තොට ජේ. ඉඳුරුවගේ 


මේ දිනවල පොල් මිල ඉහළ යාමෙන් හා පොල් හිඟය හේතුවෙන් නිතර ගෝරනාඩු කරන තම බිරිය පුදුමයට පත් කිරීමට සිතා ස්වාමි පුරුෂයෙකු විසින් ගෙදර ගෙන ගිය පොල් ගෝනියේ පොල් පුහුවීමෙන් බිරිඳගේ ඇනුම් බැනුම් මැද පොල් ගෝනිය ඔහුටම ආපසු රැගෙන යාමට සිදුවීමේ පුවතක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි . 

එදිනෙදා කුලී වැඩකින් ලැබෙන ආදායමෙන් තම පවුලේ ජීවිකාව කරගෙන යන ස්වාමි පුරුෂයාට මේ දිනවල පවතින පොල් සහ හාල් මිල ඉහළ යාම නිසා බිරියගේ කන් කරච්චලය ඉවසිය නොහැකි තරම් විය. 

වෙනදාට වඩා පොල් පාවිච්චිය අඩුකිරීමට බිරිඳට සිදුවිය. ව්‍යංජන රස නැතැයි කියමින් ස්වාමි පුරුෂයාද බිරිඳට චෝදනා කළේය. බිරිඳ කීවේ ඇතිවෙන්න පොල් ගෙනත් දුන්නොත් රසට කෑම හදා දිය හැකි බවයි.

කොහෙන් හරි පොල් ගෙඩි කීපයක් සොයාගෙන එන බව පවසා නිවසෙන් පිටවූ ස්වාමි පුරුෂයා ගමේ පොල් එකතුකර පොල් වෙළඳාමක් කරන අයකුගේ ගෙවත්තේ වැටක් අසල පොල් පැටවූ ගෝනි කීපයක් තිබෙනු දුටුවේය.

මේ ගැන රෑ බෝ වෙනතුරු අවධානයෙන් සිට එම වැටෙන් රිංගා පොල් අසුරා තිබූ ගෝනියක් සොරාගෙන හෙමින් සීරුවේ කරේ තියාගෙන ගෙදර ගියේ සින්දුවක්ද කියමිනි.

රැගෙන ගිය ගෝනිය තම නිවසේ ඉදිරිපිට තබමින් ඔන්න හාමිනේ අද මට යාළුවෙකුගෙන් පොල් ගෝනියක්ම නිකම්ම ලැබුනා. දැන් ඉතින් කෑම රසට හදන්න පුළුවනි යයිද කීවේය. පොල් ගෝනියක්ම ගෙන ඒමෙන් සතුටට පත් බිරිඳ ස්වාමි පුරුෂයාට ලොකු තේ කෝප්පයක්ද පිළිගැන්වූවාය. 


බිරියද පොල් ගෝනිය ගේ ඇතුළටම ගෙන ගියේ මේක එළියේ තිබුණොත් අවට සිටින අයද පොල් ඉල්ලාගෙන ඒවි යයි කියමිනි.
ටික වෙලාවක් ගතවිය. ස්වාමි පුරුෂයාට බිරිඳගෙන් හොඳ හොඳ කියුම් ටිකක් අසන්නට ලැබිණි.

තමුසෙව රවට්ටලා යාළුවා දීල තියෙන්නේ පුහු පොල් ගොඩක්. ගෝනියේ තිබුණු පොල් ගෙඩි 10 ම පුහු පොල්. මේවා දීපු කෙනාටම ගිහින් දීල එනවා. මගේ තේ එකත් අපරාදේ යයි කියමින් බිරිඳ තව තවත් ගෝරනාඩු කළාය.

ස්වාමි පුරුෂයාට වැඬේ තේරුම් ගියේ එවිටය. පොල් එකතු කරන වෙළෙන්දා පොල් ගොඩවල්වලින් තෝරා ගන්නා පුහු පොල් එකතු කර ඒවා ගෝනිවල දමා වැට අයිනේ තබා තිබියදී එයින් ගෝනියක් තමන් විසින් රැගෙන ඇවිත් තිබෙන බව ඔහුට අවබෝධ වුයේ එවිටය. බිරියගේ ගෝරනාඩු මැද්දෙම කරේ තබාගත් පුහු පොල් ගෝනිය රාත්‍රියේම නිවසෙන් ඈත කැලෑ බද පෙදෙසකට දමා ආවේ කර කියාගත හැකි වෙන දෙයක් නොමැතිවය.



අදහස් (0)

පුහුපොල් ගෙනත් අම්බානට බැනුම් අහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site