IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පුහුණුවට යන සැමියාට බිරිය ‘රැග්’ එකක් දීලා

(මැදිරිගිරිය චාපා මධුභාෂිණි)
සංචාරක ක්ෂේත්‍රය ගැන පැවැති විශේෂ පුහුණුවට තරුණයා අලුතින් මිලට ගත් වටිනා සපත්තු දෙක ප්‍රමාන දෙකක් වීමෙන් දැඩි අපහසුතාවට පත්වීමේ පුවතක් රජරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 


අලුතින් විවාහ දිවියට එළැඹි මෙම තරුණයා සංචාරක හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ උසස් නිලයක් දරන පුද්ගලයෙකි. 


දක්ෂ නිලධාරියකු වූ ඔහු කැපීපෙනෙන චරිතයකි. ඒ හේතුවෙන්ම ඔහු වැඩකරන ස්ථානයේ ද ඔහු ගැන දැඩි විශ්වාසයක් පවතී. ඒ නිසාම නිතර දෙවේලේ ලබා දෙන පුහුණුවීම් සඳහා කොළඹට යෑමට ඔහුට අවස්ථාව සැලසේ. 


පසුගිය දිනක එවැනි පුහුණුවක් සඳහා අප කතානායකයා ඇතුළු පිරිසක් කොළඹට පැමිණියහ. මෙම පුහුණුවට සහභාගීවීමට පෙර අවශ්‍ය ඇඳුම් පැළඳුම් සපයා ගැනීමට දින කීපයකට පෙර ඔහු නිවසට ගියේය. තම බිරිය කැන්දාගෙන ඒමෙන් පසු ලැබුණු ප්‍රථම පුහුණුව එය නිසා ක්ෂණිකව එම ආරංචිය බිරියට පැවැසීමට ඔහු අමතක නොකළේය. 


පුහුණුවට යන සැමියාට අලුත් කමිස කීපයක්, කලිසම් සහ ඊටම ගැළපෙන සපත්තු යුගලක්ද ගැනීමට ඇය අමතක නොකළාය.


සැමියාට පුහුණුවට යෑමට අවශ්‍ය සියලු කළමනා සූදානම් කළ ඇය ඉතා සතුටින් සැමියා පුහුණුවට පිටත් කළාය. සැමියා ද ඉතා සතුටින් අනෙක් පිරිස සමග පුහුණුවට කොළඹට පැමිණියේය.

කොළඹට පැමිණ මෙම පිරිස ගමනේ ගිමන් නිවාගැනීමෙන් පසු පෙර දින පුහුණුවට අවශ්‍ය කළමනා සහ ඇඳුම් පැළඳුම් ද සකසා ගත්හ. බිරිය සතුටින් සකස් කර දුන් ඇඳුම් බෑගය අතට ගෙන එය විපරම් කළේය.


අලුත්ම සපත්තු දෙක අතට ගත් ඔහු එය දමා ගෙන කාමරයේ එහා මෙහා ඇවිදින්නට විය. වම් කකුලට දැමූ සපත්තුව තම කකුලට පෙර විසිවී ඉදිරියට යන ස්වභාවයක් දැනෙන්නට විය. පසුව ඔහු සපත්තු දෙකම ගලවා විපරම් කළද බැලූ බැල්මට කිසිදු වෙනසක් නොවීය. ප්‍රමාණයන් දෙකද සඳහන්ව ඇත්තේ එකම ආකාරයටය. පසුව මොහු මිණුම් දණ්ඩකින් මැන බැලූ අවස්ථාවේ පෙනී ගොස් ඇත්තේ මෙම සපත්තු ජෝඩුව ප්‍රමාණයන් දෙකක සපත්තු ජෝඩුවක් බවය. ජංගම දුරකතනය අතට ගත් ඔහු මේ ආරංචිය තම බිරියට පැවැසුවේ නෝක්කාඩුවකට මෙනි. 


ඇයගේද ඉහමොළ රත්විය. කරකියා ගත හැකි දෙයක් නොවූ තැන ඔහු හිමින්සීරුවේ කොළඹ ප්‍රදේශයේ සපත්තු කඩයකට ගොස් වෙනත් සපත්තු දෙකක් මිලට ගෙන පසුදින පුහුණුවට පිටත් විය. 

 



අදහස් (0)

පුහුණුවට යන සැමියාට බිරිය ‘රැග්’ එකක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1547 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1675 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site