IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පිස්සු නටන මොනිටර් මාට්ටු කරන්න ගිස විදුහල්පතිට තරු පෙනිලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

කෑකෝ ගසන පන්තියේ පන්ති නායකයාට ඒ සම්බන්ධයෙන් දෝස් මුරයක් දැමීමට ගිය විදුහල්පතිට දවල් තරු පෙනුණු පුවතක් දකුණේ පාසලකින් අසන්නට ලැබේ.

විදුහල්පතිගේ වැඩි අවධානය තිබුණේ මේ පන්ති කාමරයටය. ඒ ඔහුගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේත් මේ පන්තියේ නිසාය.

එදා මේ පන්තිය නිරීක්ෂණය කළ ඔහුට දැක ගන්නට ලැබුණේ අදාළ විෂය භාර ගුරුවරයා නොපැමිණ පන්තියේ සිසුන් කෑකෝ ගසන අයුරුය. කොල්ලෝ මහ හඬින් සිංදු කීහ. කෙල්ලෝ එක එක වල්පල් කතාවල නිරතව සිටියහ. දෙගොල්ලෝම මේ කාර්යයන් දෙකේම නිරතව සිටියේ හිමින්නම් නොවේ. ගාලගෝට්ටියක් පරිද්දෙනි.

මේ සිසුන්ගේ අවිනීත ක්‍රියාව දුටු විදුහල්පති ඒ පන්තිය දිහාවට ඇදුණේ ඒ නිසාය. ගුරුවරයකු නොමැති අවස්ථාවක පන්තිය නිශ්ශබ්ද කිරීමේ වගකීමක් පන්ති නායකයා සතුව තිබුණත් එවැන්නක් නොදුටු නිසා මේ සම්බන්ධයෙන් පන්ති නායකයාට දෝස්මුරයක් දැමිය යුතු යයි විදුහල්පති සිතුවේය.

මොකද මේ ශබ්දේ, හරියට මාළු කඩේ වගේනේ. කෝ මේ පන්තියේ පන්ති නායකයා. එයාට බැරි ඇයි පන්තිය නිශ්ශබ්ද කරගන්න. නැගිටිනවා බලන්න පන්ති නායකයා යැයි ඔහු මහ හඬින් ඇසුවේ වේවැලද ලෙලවමිනි. ඔහු එසේ කී විට නැගිට්ට සිසුවා දුටුවිට විදුහල්පතිට හීන් දහඩිය දැමුවේ තමන්ගෙන් වරදාන වරප්‍රසාද ලබා ගැනීමට තමාගේ පුතා පන්ති නායකයා බවට පත්කොට ඇති බව තේරුම්ගත් විදුහල්පතිවරයා හිතින් බැනවැදුණේ පන්ති භාර ගුරුවරයාගේ මව්පියන් මතක් කරමිනි.



අදහස් (0)

පිස්සු නටන මොනිටර් මාට්ටු කරන්න ගිස විදුහල්පතිට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 682 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17817 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site