IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා


කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය 



මුහුදු මාළු ගැනීමට ගොස්  අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍රදේශයෙන් දැනගන්නට ලැබුණි.
දැනගැනීමට ලැබුණු කතාව කෙටියෙන් මෙසේය. 
ඇය කැබිතිගොල්ලෑව වැනි දුෂ්කර පළාතකට ස්ථිර පදිංචිය සඳහා පැමිණ ඇත්තේ ඉතාම මෑතකදීය. ඒ ඇයගේ විවාහය නිසාය. මෑතකදී විවාහ වී සිටි ඇය තම සැමියාගේ ගම් පළාතට එලෙස පැමිණ සිටි අතර, එම ගම්පළාතේ ගැහැනු උදවියට වඩා තමා උසස් යැයි පෙන්වීමට ඇය නිතර උත්සාහ දැරුවාය. තමා ආහාර සඳහා තෝරා ගන්නේ ඉතා ගුණදායක මුහුදු මාළු වර්ග බව ඇය හිතවත් අසල්වැසි කාන්තාවන්ට නිතර  පවසා තිබුණි.
මේ කියන දවසේ ඇය නගරයේ සතිපොළට තවත් අසල්වැසි  කාන්තාවන් දෙතුන් දෙනෙකු සමග ගියාය. එහිදී ඇය එම කාන්තාවන් සමග මුහුදු මාළු අලෙවි කරන ජංගම ලොරි රථයක් සමීපයට ගොස් මුහුදු මාළු මිලදී ගැනීමට සූදානම් වූවාය. විවිධ මාළු වර්ග පිළිබඳව විමසමින් අනික් අයට පේන්නට මෙන් උජාරුවෙන් මාළු පරීක්ෂා කරන්නට වූවාය. 
ඇය සමඟ ගිය අසල්වැසි කාන්තාවෝ හුරුල්ලන්, අලගොඩුවන්, වැනි මාළු මිලදී ගත්හ. මාළු ලොරි රථයේ වෙළෙන්දා හඬ නගමින් මාළු අලෙවි කරන්නට විය.‘‘ලොකු හින්දා පන්සීයක් තුන්සීයයි. ලොකු හින්දා පන්සීයක් තුන්සීයයි. ලොකු හින්දා පන්සීයක් 300යි”‍ යනුවෙන් ඔහු බෙරිහන් දෙමින් පාරිභෝගිකයින්ට අඬගැසුවේය. 


අපගේ කතා නායිකා “පොෂ්”‍ කාන්තාව තම මුදල් පසුම්බියෙන් රුපියල් 150ක් එළියට අරගෙන ,‘‘මුදලාලි ලොකු හින්දා පන්සියයක් 300යි නම්, මට පොඩි උන්ගෙන් පන්සීයක් දෙන්නකෝ, මේවා ගොඩක් ගුණදායක මාළු. අපි නිතරම කනවා”‍ යැයි කියමින් මුදලාලි වෙත රුපියල් 150 ක් දිගු කළාය.
මුදලාලි අන්දුන් කුන්දුන් විය.‘‘නෝනා මොනවද මාළු ගැන දන්නේ. ලොකු හින්දා පන්සියක් තුන්සීයක් නෙවෙයි නෝනා. මම කිව්වේ මේ මාළු වර්ගයේ නම. මේ මාළුන්ට කියන්නේ ‘‘ලොකු හින්දා”‍ කියලා. ඒ උන්ගේ නම. නෝනගේ එකසිය පනහට දෙන්න මාළු අපි ළඟ නෑ.”‍ යැයි කියමින් ඇයගේ රුපියල් 150 ප්‍රතික්ෂේප කළේය. ‍
උඩඟු‍ කාන්තාව වටපිට බලද්දී ඇය සමග පැමිණි ඇයගේ අසල්වැසි මිතුරියන් සිය අත් වලින් ඔවුන්ගේ කටවල් වසා ගෙන සිටියේ ඔවුන්ගේ සිනහව එළියට පැනීම වළක්වා ගනු පිණිසය. 
කාන්තාව මොහොතක්වත් එතැන නොරැඳී සතිපොළ භූමියෙන් වාෂ්ප වී ගියාය. 
දැන් ඒ පළාතේ උදවිය ඇයට ‘‘ලොකු හින්දා නෝනා”‍යනුවෙන් ආමන්ත්‍රණය කරන බව දැනගන්නට ලැබුණි.

 



අදහස් (0)

‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 310 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1617 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site