පවුල් ආරවුලක් හා සම්බන්ධ පැමිණිල්ලක් විභාග කළ පොලිස් කාන්තාවක අන්තිමේදී පැමිණිලිකාරියගේ සැමියා සමග හොර රහසේ ගිය පුවතක් රජරට පැත්තෙන් වාර්තා වේ.

ඇය විවාහක තිදරු මවකි. ඔහු කුලී වැඩ කරමින් දරු පවුල නඩන්තු කළ අයෙකි. බිරිඳට තුන්වැනි දරුවා ලැබෙනතුරුම දෙදෙනා අතර අසමගියක් නොවීය. එහෙත් මෑතක සිට සැමියා බිරිඳට හිරිහැර කරන්නට පටන් ගත්තේය. ඇය පොලිසියට පැමිණිලි කිරීමට තීරණය කළේ බේරුමක් නැති තැනය.
මම එයාට ගොඩක් ආදරෙයි. ළඟකදී ඉඳලා කිසිම හේතුවක් නැතිව එයා මට නිතරම බනිනවා. සමහර අවස්ථාවල පහර දෙනවා. මේක මටත් දරුවන්ටත් ලොකු ප්‍රශ්නයක්. මම ඉල්ලා සිටින්නේ මේ ආරවුල විසඳලා දෙන්න කියලයි.
ඇයගේ මෙම පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කර ගත්තේ අවිවාහක වයස අවුරුදු තිහක් පමණ වන තරබාරු පොලිස් කාන්තාවකි. බිරිඳ සහ සැමියා පොලිසියට කැඳවා ඉතා තදින් අවවාද කළ පොලිස් නිලධාරිනිය, දරුවන් ගැන සිතා සමගියෙන් ජීවත් වෙන ලෙසට ඔහුට උපදෙස් දුන්නාය.
එදින සිට සැමියාගේ සැරපරුෂකම් අඩුවිය. බිරිඳ නැවත දිනෙක පැමිණ පොලිස් නිලධාරිනියට මුව නොසෑහෙන සේ ස්තුති කළේ පවුලේ ආරවුල හොඳින් විසඳා දුන් බව කියමින්ය.
සිද්ධිය අපට පැවසූ අ ය කතාව අවසන් කළේ මෙසේය.
“මාසයකට විතර පස්සේ අර කාන්තාව නැවතත් පොලිසියට ඇවිත් පැමිණිල්ලක් කළා. පැමිණිල්ල විභාග කළ පොලිස් නෝනා සිය සැමියා සමග හොර රහසේම පැනලා ගිහින්. ලස්සනම වැඬේ කියන්නේ දෙන්නගේ ෆොටෝ එකකුත් ෆේස්බුක් එකෙත් දාලා.
(කන්තලේ විශේෂ ආර්.ජී. ධර්මදාස)
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පවුලේ ආරවුල බේරූ පොලිස් නෝනා පැමිණිලිකාර සැමියා සමඟ පැන ගිහින්
kapila Tuesday, 23 July 2019 03:26 AM
රට යන අත.