IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පලා විකුණන මුවාවෙන් සති පොළේ ගංජා විකුණලා

දකුණු පළාතේ වියළි කලාපයේ පිහිටි ග‍්‍රාමීය සති පොළකි. පසුගිය සති අන්තයේ එහි පලා මිටි කීපයක් තබාගෙන සිටි තරුණයකුට ආවේ ජංගම දුරකථන ඇමතුමකි. ඊට  ඕනෑ කමින් සවන්දුන් ඔහු කලබල වී ඒ අසලම වෙළඳාමේ නියුතු මැදිවියේ තැනැත්තකුට තම වෙළඳාම බාර දුන්නේ ”අයියේ මේකත් බලාගෙන මිටියක් රුපියල් දහය ගානේ විකුණන්න. මම තේ එකක් බීලා එනවා” කියමිනි. අසල්වැසි වෙළෙන්දා හිස සොලවා ඊට අනුමැතිය දුන්නේය. මිනිත්තු ගණනක් යාමටත් පෙර පොලිස් කණ්ඩායමක් එතැනට කඩා වැදී ”කෝ මේකා” කියමින් පලා මිටි එහා මෙහා විසි කරන්නට වූයෙන් අසල්වැසි වෙළෙන්දාට තරු පෙනිණ. ”මට බලාගන්න කියලා තේ බොන්න ගියා” ඔහු කීය. ”මොනව බලා ගන්නද? මූ විකුණන්නෙ පලා නෙමෙයි ගංජා” කීමෙන් මවිතයට පත් වූ අසල්වැසි වෙළෙන්දා තමා මේ කිසිවක් නොදන්නා බව පවසා ඉතා අමාරුවෙන් බේරුනාලූ.



අදහස් (0)

පලා විකුණන මුවාවෙන් සති පොළේ ගංජා විකුණලා

ජීවා Sunday, 21 October 2012 11:19 AM

අන්න ඒක තමයි අද කාලේ කවුරුත් කාටවත් උදවුවක් කරන්න කැමති නැත්තේ.

:       0       0

අමිල කටුනායක Wednesday, 17 October 2012 10:35 AM

මම දන්න කෙනෙකුත් කලින් මේක කළා (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 17 October 2012 10:49 AM

අනුන්ගේ සීනි කිරන්න එපා කියන්නේ ඕකතමයි. (නි)

:       0       0

වරුණ Wednesday, 17 October 2012 10:51 AM

ඉතින් ආයුබොවන්ඩ! (නි)

:       0       0

මතින් Wednesday, 17 October 2012 11:12 AM

ගංජා කොළත් පළා වර්ගයක් තමයි.(ස)

:       0       0

සජී Wednesday, 17 October 2012 11:22 AM

ඇති ඔයින් ගියා... (නි)

:       0       0

අසිත Wednesday, 17 October 2012 11:32 AM

මේ දවස් වල ගංජා ප්‍රවෘත්ති වැඩියි නේද? (නි)

:       0       0

ඩයස් Wednesday, 17 October 2012 08:45 PM

මේකට නම් දෙයියොම තමයි සාක්කි . මොකද අනුන්ගේ කුණු ගොඩකටනේ අර මනුස්සයට කර ගහන්න වෙන්නේ. දවසක් නාදුනන කෙනෙක් බස් එකේ මගේ සීට් එක යටට පාර්සලයක් රින්ගවලා මහත්තය පොඩ්ඩක් බලාගන්න කියලා හදිසියේ බැහැලා කඩේකට දිව්වා. බස් එක පිටත් වෙද්දී එයා දුවගෙන ඇවිත් පිටිපස්සේ දොරේ එල්ලුනා. මගදී පොලිසියෙන් චෙක් කරා. මිනිහ බැහැල ගිහින්. කසිප්පු තිබිල අහුවුණා. මම බේරුනේ බොහොම අමාරුවෙන්. (නි)

:       0       0

නිරාන් Wednesday, 17 October 2012 12:13 PM

පේන විදියට නම් මෙතන තවත් දේවල් තිබෙනවා වගෙයි (නි)

:       0       0

රවීන් Wednesday, 17 October 2012 09:05 PM

ඔන්න අද තමයි‍ කියන්න තියෙන හොදම කතාව කිවුවේ. (නි)

:       0       0

සදි සිල්වා Thursday, 18 October 2012 03:40 PM

කොහොමද වැඩේ

:       0       0

සිල්වා Thursday, 18 October 2012 03:32 PM

මිනිස්සු මුලා කරලා

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 02:15 PM

මට මතක් වෙනවා ජොලි සීයාගේ සිංදුවක් (නි)

:       0       0

ප්‍රගීත් Thursday, 18 October 2012 01:05 PM

කෝල් එක ආවෙත් පොලිසියෙන්ද? (නි)

:       0       0

යොහාන් Wednesday, 17 October 2012 02:45 PM

මොකද දන්නෙ නැහැ ඒ විදියට පණීවිඩය ආවේ? (නි)

:       0       0

සමන්ත Wednesday, 17 October 2012 02:57 PM

මට හිනා... හිකිස් (නි)

:       0       0

රිස්වාන් - සවුදි Wednesday, 17 October 2012 02:52 PM

මේක නම් ඇත්ත වගේ. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 17 October 2012 03:03 PM

ගංජා? පලා නෙමෙයිද? මමත් ගත්තානේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1028 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1062 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site