IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පොල් ගෙඩියකට රුපියල් දෙදාහක් ගෙවන්න වෙලා

(තිහගොඩ – උපසේන ලියනගම)
තම ගෙවත්ත මැදින් වූ අඩිපාරක ගිය ගම්වැසියකු පොල් ගසකින් වැටී තිබුණු පොල් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට උසාවි යාමට තීරණය කළ ධනවත් පුද්ගලයකුට රුපියල් දෙදහසක නොසිතූ අලාබයක් වීමේ අපූරු සිද්ධියක් පසුගියදා කඳුකරයේ ග්‍රාමීය ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


මේ පිළිබඳව තමා දන්නා හඳුනන නීතිඥ මහතකුට මේ ගැන කී විට ඉතා සානුකම්පික නීතිඥ මහතා කීවේ දුප්පත් මිනිහෙක් පොල් ගෙඩියක් ගත්තට නඩුදාන්න ඔයාට පිස්සුද? කියාය.


‘නෑ.. මට ඕනෑ මිනිස්සු ඉඩම මැදින් යන එක නවත්තන්නය.’ ඔහු කීවේ දැඩි ස්වරයකිනි. එහෙම නම් තව විනාඩි පහකින් මාව අමතන්න. මම නීතිඥ උපදෙස් දෙන්නම්. නීතිඥ මහතා කීවේ සිනාසෙමිනි.


මොහොතකට පසු නීතිඥ මහතා කීවේ මේ පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක් දමා විත්තිකරු පැමිණි පසු කෙරෙන සාකච්ඡාව මත නඩුව දැමිය හැකි බවකි.


ඔහු ඒ අනුව නඩුමගට පිවිසි බව ආරංචි වූ නීතිඥ මහතා තමාගෙන් උපදෙස් ගත් ඔහුට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යැවීය.


එහි සඳහන් වූයේ පැමිණිල්ලේ මූලික තොරතුරු හා දිනය ද සඳහන් කරමින් තමාගෙන් ගත් නීතිඥ උපදෙස් සඳහා රුපියල් දෙදහසක මුදලක් ගෙවිය යුතු බවත් ඒ උපදෙස් සියල්ල ඔහුගේ කටහඬින්ම තමා පටිගත කර ඇති බවත්ය. 


වහාම නීතිඥ මහතා හමුවූ ඔහු නඩුව ඉල්ලා අස්කර ගත්තේ මේ සිද්ධිය තවදුරදිග ගියොත් කොතැනින් කෙළවර වේදැයි සිතාගත නොහැකිවය.



අදහස් (0)

පොල් ගෙඩියකට රුපියල් දෙදාහක් ගෙවන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site