IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොල් කඩන ගමන් ගංජාත් විකුණලා

(අම්බලන්තොට සනත් ගමගේ)

පොල් කඩන ගමන් ගංජා විකිණීමත් සිදුකළ පුද්ගලකු ගංජා මිලි ග්‍රෑම් 48,000ක් සමග විතාරන්දෙණිය, මල්බෙරිගමදී අත්අඩංගුවට ගත් බව මාතර - හම්බන්තොට දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.

පොල් කඩන රැකියාව සිදුකරන අතර අතිරේක ගංජා විකිණීමත් සිදු කරන බවට ලද තොරතුරක් මත සැකකරු පරීක්ෂා කිරීමේදී ගංජා තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මාතර - හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය  වැටලීම් ඒකකයේ සැරයන් (32045) ජගත්, කොස්තාපල් (44957) අජිත්, (73067) අනුරාධ යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වුහ.

 



අදහස් (7)

පොල් කඩන ගමන් ගංජාත් විකුණලා

Nandika Monday, 10 July 2017 07:52 AM

මෙන්න ලොකු වැඩක් කරලා...හොරු නිදැල්ලේ... ගස් නැගලා ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ට නීතිය අකුරට....

:       7       31

sachith Monday, 10 July 2017 08:32 AM

ගංජා ග්රෑම් 48ක් අල්ලන්න නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුත් උපදෙස් දෙන්න ඕනිද? එතකොට ඉතින් පුදුමයක් නෑ රටේ පොලිසිය මේ කරන වැඩ. මේ අනුපාතෙට ගියාම පොලිස්පතිතුමාටත් පුළුවන් ගංජා ග්රෑම් 100ක් අල්ලන්න වගේ දෙකට නියෝගයක් දෙන්න තමයි.

:       0       29

wedage Monday, 10 July 2017 10:16 AM

දැන් ජිවත් වෙන්න රැකියා දෙක තුනක්ම කරන්න වෙනවා

:       0       24

imesh Tuesday, 11 July 2017 03:53 AM

පාර්ලිමේන්තු යනගමන් මහජන මුදල් ගසකාපු අයට මොකෝ කරන්නේ ?

:       0       53

nnksam Tuesday, 11 July 2017 06:20 AM

මිලි ග්‍රෑම් 48,000ක්

:       0       13

abaran Wednesday, 12 July 2017 05:53 AM

මගේ අම්මෝ මිලිග්‍රෑම් හතලිස් අටදාහක බරක් ඔය මනුස්සයා කොහොමද උස්සගෙන ගියේ?

:       0       39

badara- kekirawa Saturday, 15 July 2017 08:47 AM

මිලි ග්‍රෑම් සහ ග්‍රෑම් අතර වෙනස දන්නේ නැති යහපාලන ආණ්ඩුවේ ලොක්කන්ට නම් මේක ලොකු ගානක්.. "දෙයියෝ සාක්කි".."48,000ක්" පොඩි ගාණක් නෙමයිනේ...

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site