පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
ඉහළ නිලධාරියකුගේ ස්ථාන මාරුව වෙනුවෙන් සංවිධානය කරන සංග්‍රහයකට යැයි පවසා හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගත් පොලිස් නිලධාරියකු අතුරුදන් පුවතක් කන්ද උඩරට නගරයකින් වාර්තාවේ.
කන්ද උඩරට නගරයක ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වෙනත් පොලිස් ස්ථානයකට ස්ථාන මාරුවක් ලැබීය. ස්ථාන මාරුව ලැබූ නිලධාරියා වෙනුවෙන් හෝටලයක සංග්‍රහයක් සංවිධානය කර ඇති බවත් ඊට උදව් කරන ලෙස තමන් රථ වාහන රාජකාරි කරන නගරයේ එක්තරා වීදියක ව්‍යාපාරිකයන්ගෙන් පොලිස් පරීක්ෂකවරයා මුදල් ලබා ගත්තේය.
මුදල් ලබාගත් දින සිට පොලිස් නිලධාරියා බල ප්‍රදේශය තුළදී දැක ගැනීමට නොහැකි විය. ව්‍යාපාරිකයන් මාර්ගයේ රථ වාහන හසුරුවමින් සිටි පොලිස් නිලධාරීන්ගෙන් නිලධාරියා ගැන විමසුවේ කුතුහලයෙනි.
ඇයි දන්නේ නැද්ද ඇයි කිව්වේ නැද්ද දැන් දවස් දෙක තුනකට කලින් සර් විශ්‍රාම ගියා යැයි ඔවුන් පැවැසුවේ සල්ලි සිද්ධිය ගැන අගක් මුලක් නොදැනය. ව්‍යාපාරිකයන්ට සිදුවී ඇති කාරණය තේරුම් ගියේය. නිලධාරියා විශ්‍රාම යාමට පෙර තමන්ගෙන් ගානක් කඩාගෙන ගොස් ඇති බව ඔවුන් මුණූ මුණූ ගාන්නට වීයේ ලුනු ඇඹුල් ඇති වදන් වලිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පොලිස් සර් පැන්ෂන් යන්න කලින් අමුතුම ගරානාවක