තම ගමේ කඨින පිංකමට සහභාගී වූ පොලිස් නිලධාරියා ගලවා තැබූ වටිනා සපත්තු කූට්ටම පැළඳ නගරයේ සැරි සැරූ හොරා පොලිස් නිලධාරියාගේ අතටම හසුවීමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය
මෙදින ගමේ පන්සලේ කඨින පින්කමට සහභාගි වීමට තිබූ පොලිස් නිලධාරියා තම සේවාමුරය නිමවා වහාම නිවසට ගොස් ඇඳුම් මාරු කර සුදුසු ඇඳුමක් හැඳ වටිනා පාවහන් යුවළක්ද පැළඳ විහාරස්ථානයට ගියේය.
කල්ප ගණනකට පින් රැස් කෙරෙන උතුම් වූ කඨින පිංකමට දායක වීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස සැලකූ නිලධාරියා වහ වහා යතුරු පැදියෙන් බැස පාවහන් යුවළද ගලවා පසෙකින් තබා පින්කමට එක් වූයේය.
පින්කම නිමා වී මහත් සතුටින් ආපසු ඒමට සැරසූන නිලධාරිය තමා පැළඳගෙන ආ අලුත්ම පාවහන් යුවළ අතුරුදහන් වී ඇති බව දැකීමෙන් මහත් කම්පාවට පත් වූයේය. පසුව ඔහු පාවහන් නොමැතිව නිවසට ගියේය.
දින කීපයක් ගතව ගියේය. නගරයේදී හමු වූ තරුණයකු තමාගේ පාවහන් යුවළට සමාන පාවහන් යුවළක් පැළඳ සිටිනු දැකීමෙන් නිලධාරියාගේ මතකය අවදිවිය. එදින පෙරහරේ බෙර වාදනය කිරීමට ආ තරුණයකු බව පසක් කරගත් නිලධාරියා තරුණයා අල්ලා ගෙන ඒ ගැන විමසුවේය.
තමාගේ පාවහන් දෙක තිබූ ස්ථානයේ නොතිබුණ නිසා තිබූ අලුත්ම පාවහන් දෙකක් පැළඳ ආ බව තරුණයා පවසා ඇති අතර සොරා ගන්නා ලද පාවහන් දෙකද සමග තරුණයාට පොලිසියට යන්නට සිදු වුණේලු.
(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් රාලහාමිගේ සපත්තු කුට්ටම බෙරකාරයාගේ කකුලේ