(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පොලිසිය කළ ප්‍රශ්න කිරීමකදී සිය මවගේ නම කියන්නට අපොහොසත්වූ තරුණවිය ඉක්මවූ දියණියක පිළිබඳව පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තාවිය.

මීරිගම රෝහලේදී පැවැත්වුණු පොලිස් පරීක්ෂණයකි. හැට විය ඉක්මවූ කාන්තාවක පැවසුවේ තමන් ගැන සියල්ල දන්නේ දියණිය බවයි. දරු මල්ලන්ද සිටින දියණිය කුරුණෑගල ප්‍රදේශයේ වෙසෙන බවද ඇය කීවාය. ඇයට ඇමතුමක් ගන්නා ලෙස පොලිසිය කළ ඉල්ලීමට කාන්තාව පිළිතුරු දුන්නේ ඇගේ දුරකතනය ක්‍රියාත්මක නොවන බව කියමිනි.
පොලිස් නිලධාරියා ක්‍රියාත්මක විය. දියණියගේ දුරකතන අංකය හා නම විමසීය. එය සටහන් කරගත් ඔහු ඔහුගේ දුරකතනයෙන් එම අංකය ඇමතීය. පිළිතුරු දුන්නේ කාන්තාවකි. පොලිස් නිලධාරියා ඇගේ නම කියා කතා කළේය. අම්මාගේ නම කුමක්දැයි විමසීය.
මවගේ නම පැවසීම පසෙකලූ දියණිය තෙපර බාන්නට වූවාය. කොයි අම්මාද ඇය විමසුවාය. පොලිස් නිලධාරියා තමන් සමීපයේ සිටින කාන්තාවගේ නමේ කොටසක් ඇයට පැවසීය. ඒ අතරම කාන්තාවගේ දුරකතනය හඬ දුන්නේය. ඇයි දුවේ මගේ නම මෙහෙමනේ කියමින් ඇය පොලිසියට කී නම පැවැසුවාය. ඒ සමගම දියණිය කී කාන්තාව පොලිස් නිලධාරියාට මවගේ නම දුරකතනයෙන් පැවසුවත් සිදුවූ සියල්ල ඔහුට හොඳින් අසා ගැනීමේ අවස්ථාව උදාවූ නිසා කාන්තාව කිසියම් සටකපටකමක් කරන්නට සැරසුණු බවට ඇතිවූ සැකය නිසා පරීක්ෂණ දිගටම පවත්වාගෙන යාමට පියවර ගනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 08
1843
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1489
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිස් පරීක්ෂණයේදී දුවට අම්මාගේ නම අමතක වෙලා