IMG-LOGO

පොලිස් ජීප් රියේ සීට් එකක් අල්ල ගන්න කලින්ම ඇවිත්

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

බූරු පොළක් වැටලීමට පොලිසියෙන් පනිද්දී එක් පුද්ගලයකු තමන් අල්ලා ගන්නටත් පෙර පොලිස් ජීප් රියට ගොඩ වූ පුවතක් බස්නාහිර පළාතේ ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. එම ගම්මානයේ මහා පරිමාණ බූරු පොළක් පවත්වාගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. ඒ අනුව එම බූරු පොළ වැටලීමට ගොස් ඇත. එම බූරු පොළෙහි සීය දෙසීය පිට ඔට්ටු අල්ලන තරමක් මෝඩ පහේ කෙනෙකු ද සිට ඇත.

කෙසේ වෙතත් පොලිසියෙන් පැන ඇති බව දුටු බූරු පොළෙහි සිටි පුද්ගලයින් හිස් ලූලූ අත දිව ගොස් තිබේ. මේ අවස්ථාවේ පොලිස් ජීප් රියෙහි සිට ඇත්තේ ජීප් රථ රියැදුරා පමණි. වේගයෙන් ජීප් රිය දෙසට දුව ආ පුද්ගලයකු ජීප් රියේ දොර විවෘත කර වාඩි වී දොර වසාගෙන හති අරින්නට වී තිබේ.

එවිට පොලිස් රියැදුරා ඔහු අමතා “අයියේ අනිත් මිනිස්සු දුවද්දි ඇයි තමුන් විතරක් ජීප් එකට නැග්ගේ, අවංකකම හින්දා බේරෙන්නද?” යැයි අසා ඇත. එවිට ඔහු “නෑ සර් මෙතන ඉඳලා පොලිසියට ගොඩක් දුරයි.

ගිය පාර අහුවෙච්ච වෙලාවේ මට වාඩිවෙලා යන්න සීට් තිබුණේ නැහැ හිටගෙන ගියේ. ඒකයි මම කලින්ම ඇවිත් සීට් එක අල්ලා ගත්තේ” යැයි පවසද්දී ජීප් රථ රියැදුරාට සිනහව නවතා ගන්න බැරි වුණාලු.



අදහස් (0)

පොලිස් ජීප් රියේ සීට් එකක් අල්ල ගන්න කලින්ම ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 447 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 621 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site