IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පොලිසිය හූනියමක් කපලා

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)

අසල්වැසියා තමන්ට හූනියම් කිරීමෙන් කරදර පැමිණෙන බට පැමිණිල්ලක් කිරීමට පොලිසියට පැමිණි මෝඩපහේ කාන්තාවකට පොලිසිය දැක්වූ ප්‍රතිචාරයෙන් හූනියම කැපීයාමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිසියකින් වාර්තාවිය.

සිද්ධිය මෙසේය. ඇය ඉතා දුෂ්කර ප්‍රදේශයක තරමක වයස්ගත කාන්තාවකි. අමානපයෙන් සිටින අසල්වැසියන් තමාට හූනියම්කිරීම නිසා නිවසේ වටා රාත්‍රියට විවිධ ශබ්ද ඇසෙන බවත් සිරුර රත්වී දැවිල්ල ඇතිවන බවටත් මේ පිළිබඳව අසල්වැසියාට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට පැමිණි බවත් නිලධාරීන්ට ඇය කියා ඇත්තේ හැඬූ කඳුළිනි.

කාන්තාවකගේ මානසික තත්ත්වය තේරුම් ගත් නිලධාරීන් පැමිණිල්ල ලියාගන්නා බවට අඟවමින් හූනියම් කිරීමට අදාළ පනතින් අසල්වැසියාට නඩු පවරන බවද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද කාන්තාව අස්වසමින් කියා ඇත.

තම පැමිණිල්ලට නීතිමය පියවර ගැනීමට නිලධාරීන් ක්‍රියා කිරීම පිළිබඳව මහත් සතුටට පත්වූ කාන්තාව පොලිසියෙන් පිටව ගොස් ඇත. ආපසු තම ගමට පැමිණි කාන්තාව ගමේ අයට කියා ඇත්තේ තමන්ට අසල්වැසියා හූනියම් කළ බවට පොලීසියට පැමිණිලි කළ බවත් ඒ අනුව පොලීසිය නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් ඒ නිසා හූනියම් කැපීගොස් දැන් කිසිදු කරදරයක් නොමැතිව හොඳින් ජීවත්වන බවත්ය.



අදහස් (0)

පොලිසිය හූනියමක් කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 287 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 90 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site