IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පොලිසියෙන් බේරෙන්න පෝර මිටිය කර තබා​ෙගන කසිප්පු පොළට ගිහින්

(වියලු‍ව වාර්තාකරු)
ඇඳිරි නීතිය පැවැති වෙලාවේ ගමේ කසිප්පු තිප්පොළට යෑම සඳහා යෙදූ අපූරු උප්පරවැට්ටියකි.


සිද්ධිය මෙසේය.


ඔහු මතට තදින් ලොල් වූ පුද්ගලයෙකි.


කොරෝනා උවදුර පැතිරයාමේ අවදානමත් සමඟ මත් පැන්හල් වසා දැමීම   හේතුවෙන් ඔහු ගමේ කසිප්පු තිප්පොළට යොමු වූයේ යකඩ කැබැල්ලක්  කරා ඇදෙන කාන්දමක් පරිද්දෙනි.


එහෙත් විටින් විට පනවන ඇඳිරි නීතිය දැඩි බාධාවක් බවට පත්වූයේ කසිප්පු තිප්පොළ වෙත යෑමට නම් නගරයේ පොලිස් මුරපොළ  අනිවාර්යෙන්ම පසුකර යා යුතු නිසාවෙනි.


කල්පනා කරමින් සිටි ඔහුට පහළ වූයේ අපූරු නුවණකි.


දෙවරක්   නොසිතූ හෙතෙම දින  කීපයකට පෙර   තම වගාව සඳහා සහනාධාර ලෙස ලැබුණු කිලෝ ග්‍රෑම් 50 ක් බර පොහොර මිටිය කර  තබාගෙන නිවසින් පිටවූයේ සිය බිරිඳගේ ද ඇසට වැලි ගසමිනි.


පොහොර  මිටිය කර තබාගෙන ගොවිපොළට යන පරිද්දෙන් පොලිස් මුරපොළ හරහා කිසිදු  බාධාවකින් තොරව කසිප්පු තිත්පොළ වෙත ළඟා වූ හෙතෙම සිය කටයුත්ත හමාර කර යළිත් පොහොර මිටිය කර තබාගෙන නිවසට පැමිණියේ ජයග්‍රාහි ලීලාවෙනි.


සැමියාද සමග නිවසේ තිබී අතුරුදහන්වූ  පොහොර මිටිය ගැන විමසිල්ලෙන් සිටි බිරිඳ එය කරබාගෙන සිය නිවසට පැමිණෙන සැමියා දැක ‘‘මේ ඇඳිරි නීතිය වෙලාවේ පොහොර මිටියක් කරේ තියාගෙන එහෙ මෙහෙ  යන්න තමුසෙට පිස්සුදැයි’’ අසා සිටියේ දරුවන්ද සිනා ගස්සමිනි.


කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ  අපූරු උප්පරවැට්ටිය ගැන දැනගත් බිරිඳ දරුවන් පමණක් නොව අසල්වැසියන් ද තවමත් සිනහ වෙනවාලු‍.



අදහස් (4)

පොලිසියෙන් බේරෙන්න පෝර මිටිය කර තබා​ෙගන කසිප්පු පොළට ගිහින්

Pradeep Thursday, 07 May 2020 03:09 AM

සමාජය ගිලගන්නා මේ මත් උවදුර වලකන්න කවදා නම් නිසි පියවර ගනියිද අපේ පාලකයින්. සමහර දුගී පවුල් වල සමස්ථ ආර්ථිකයම කඩා වැටිලා මේ නිසා. අරක්කු ටිකක් බොන්න මේ තියන උනන්දුව තමන්ගේ ආර්ථිකය නංවා ගන්න තිබුනේ නම්...

:       0       60

චමින්දThursday, 07 May 2020 06:35 AM

ප්‍රදීප් මහත්තයෝ මත් උවදුර කිසිවෙක් වලකන්න උත්සාහ ගන්නේනම් නැහැ. මෙවා නිසා උසාවියෙන් නියමකරන දඩ මුදල් සියල්ලම පළාත් පාලන ආයතන වල ආදායම් වෙන නිසා.

:       0       7

PradeepThursday, 07 May 2020 01:32 PM

ඒකනම් ඇත්ත තමයි. නමුත් අසරණ මිනිස්සුන්ගේ ජිවිත විනාශ වෙන්නට ඉඩ හැරලා ලබා ගන්නා ඒ අදායම මොකටද ? ඒ තුළින් ජන ජිවිත දිනෙන් දිනම පිරිහෙනවානම් පාලකයෙකුට පුලුවන්ද අදායම ගැන පමණක් හිතලා නිහඩව ඉන්න. එහෙනම් ඒ ජනතාවාදී පාලකයෙක් නොවෙයි ජනතා ද්‍රෝහී පාලකයෙක්.

:       0       6

ravi Sunday, 10 May 2020 09:27 AM

ඔය කසිප්පු ගහන විවිධ දේවල් තියනවා ... හැබැයි මේ , පොහොර මිටියක් කරෙ තියාගෙන කසිප්පු ගහන එකට කියන්නේ .. "" බරපතල වැඩ ඇතිව "" කසිප්පු ගහනවා කියලයි .. !

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site