IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිසියට යමු කීවාම රු:500 අරන් මාරුවෙලා

වාහන තනි අතට දිවෙන මාර්ගයක දෙමටගොඩ දෙසට ගමන් ගන්නා ත්‍රීරෝද රථයකි. එයට පිටුපසින් පැමිණි තවත් ත්‍රීරෝද රථයකි. මුලින් පැමිණි ත්‍රීරෝද රථය නතර කළ විට පසුපසින් පැමිණි ත්‍රීරෝද රථය සංඥා එළි දල්වා රථය පසු කිරීමට සැරසුනි. එවිටම වේගයෙන් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථය පසුකර යෑමේදී එහි වැදී මෝටර් රථයේ දොර සීරිමකට ලක්විය.


වහාම මෝටර් රථය නැවැත් වූ  රියැදුරා ඉන් බැස “බලනවකෝ තමුසෙගෙ වැඩෙන් අලුත්ම වාහනේ සීරුනානේ” යනුවෙන් ගෝරානාඩු කළේය. “මම මොනවා කරන්නද. මම සිග්නල් දාලා ඉස්සරහට යද්දී  ඔයානේ ඕවර් ටේක් කරන්න ගිහින් හූර ගත්තේ” ත්‍රීරෝද රථ රියැදුරා පැවසීය. “මේක රජයේ වාහනයක්” මෝටර් රථ රියැදුරා කී විට “කාර් එකේ රාජ්‍ය ලාංඡනය නැහැනේ. අපි පොලිසි යමු” ත්‍රීරෝද රථ රියැදුරා පැහැදිලි කළේය.


 “අපිට පොලිසි ගානේ යන්න පරක්කු වෙනවා අපි නඩුවකට උසාවි යන ගමන්” මෝටර් රථයේ පැමිණි අයෙක් පැවසීය. “මේකට රුපියල් තුන්දහක් වත් යනවා”. රියැදුරා පැවසූ විට “ඉතින් ඉන්ෂුවරන්ස් එකට කතා කළා නම් ඉවරයිනේ” ත්‍රීරෝද රථ රියැදුරා පවසා “මට රුපියල් පන්සීයක් නම් දෙන්න පුළුවන්, ඊට වැඩිය දෙන්න අමාරුයි” යැයි කීය. රුපියල් පන්සිය අතට ගත් මෝටර් රථයේ රියැදුරා වාහනේ සිටි තැනැත්තා  සමග පිටත් විය.
ක්‍රිස්ටෝපර් සීපියන්.



අදහස් (0)

පොලිසියට යමු කීවාම රු:500 අරන් මාරුවෙලා

විකි Monday, 25 July 2016 02:27 AM

ලියනගේ මහත්තයෝ එතකොට කිසිම අවුලක් නැහැනේ. පිටිපස්සෙන් හැප්පුවත් ඉන්ෂුවරන් එකෙන් ගන්න කියනවා. පාඩුව අන්තිමට නිසිපරිදි ගිය මනුස්සයාටයි. (නි)

:       0       0

ධම්ම Friday, 22 July 2016 04:36 PM

මෙච්චර නීතිගරුක මොහු ලංකාවේ ත්‍රීරෝද රථ රියදුරෙක් කියලා හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

ලියනගේ Sunday, 24 July 2016 07:37 AM

රියදුරු මහත්වරුනි , අනතුරක් සිදු වුනාම ..නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් ..ඔහොම මුදල් දෙන්න ඕනේ නැහැ රක්ෂණය කරලා තියෙන්නේ ..ඔවැනි අනතුරු වලටයි ..මම නම් කිසිම දිනයක ..මුදල් දෙන්නෙත් නැහැ එහෙම ඕන කමකුත් නැහැ ....කියලයි මගේ හැගීම ..(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site