IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පොලිසියට ඔත්තු දීලා අන්තිමේ නාහෙන් අඬාවැටෙන්න වෙලා

(වියලු‍ව වාර්තාකරු)
නිර්නාමික දුරකතන ඇමතුමක් ඔස්සේ තම ගම්මානයේ පවත්වාගෙන යන කසිප්පු තිප්පොළක් පිළිබඳ ඔත්තුවක් පොලිසියට ලබාදුන් කාන්තාවක එය වැටලීමෙන් පසුව එහි තම සැමියාද සිටින බව දැන   යළිත් පොලිසියට ඇමතුමක්දී ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා හඬා වැටුණු බව කියැවෙන පුවතක් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


එය කන්දකැටිය පොලිස් බල ප්‍රදේශයට අයත් දුෂ්කර ගම්මානයකි. මේ වන විට පවත්නා ඇඳිරි නීතියත් මත්පැන්හල් වසා තිබීමත් නිසා ගමේ බොහෝ දෙනකු සිය අවශ්‍යතා ඉටුකර ගනු ලැබුවේ ගමේ කසිප්පු තිප්පොළට රිංගීමෙනි.


මෙම වසංගතයට එරෙහිවූ කාන්තාවක පසුගිය  දිනක නිර්නාමික ඇමතුමක් දී කන්දකැටිය පොලීසියට දැනුම් දී ඇත්තේ මේ වන විටත් කසිප්පු තිප්පොළ පාරිභෝගිකයන්ගෙන් පිරීගොස් ඇති බවකි.


ලද තොරතුරු ඔස්සේ වැටලීම සිදු කළ පොලිස් නිලධාරීහු එහි සිටි හය දෙනකු අලෙවි කිරීමට තිබූ කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කටයුතු කළෙන් පවත්නා නීතිමය තත්ත්වය යටතේ ඔවුන්ට   ගැලවීමට කිසිදු ඉඩක් නොතිබුණි.


කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පිරිස් අතර තම සැමියා ද සිටින බව දැනගත් කාන්තාව පෙර පරිදිම දුරකතන ඇමතුමක් දී පොලිසියට කියා සිටියේ අත්අඩංගුවට ගත් පිරිස අතර තම සැමියා ද සිටින බවත් කසිප්පු තිත්පොළ පිළිබඳ දුරකථන ඇමතුම ලබා දුන්නේ තමන් බවත් ය.


ඇය සිදු කර ඇත්තේ හොඳ කටයුත්තක් වුවත් වරදකදී එය සැමියාට ද සෙසු පිරිසට ද එකසේම බලපාන බව පහදා දුන් පොලිස් නිලධාරීන් කාන්තාවට පවසා ඇත්තේ සැමියා ඇතුළු පිරිසට ඇප ලබාදිය හැකිමුත් නඩුවක් පැවරීමට සිදුවන බවකි.



අදහස් (0)

පොලිසියට ඔත්තු දීලා අන්තිමේ නාහෙන් අඬාවැටෙන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site