IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප්ලාස්ටික් බෝතලය ගමක්ම අවුල් කරලා

කොබෙයිගනේ ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය පාලම යට මහා ජල කඳක් සමග අලි පැටවෙකු සිරවී හොඬය සොලවමින් සිටින්නේ යැයි ප්ලාස්ටික් පැණිබීම හිස් බෝතලයකට රැවටුණු ප‍්‍රදේශවාසීන් කළ මහත් කලබලයෙන් වනජීවී නිලධාරීහු සහ පොලිසියද මහත් අපහසුතාවකට පත්වූහ. 

ඉකුත්දා (4) ප‍්‍රදේශයට ඇද හැළුණු මහා වැස්සත් සමග කොබෙයිගනේ, යකඩපත, කුඩාඔය ජල මට්ටමද ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබුණි. කුඩාඔය හරහා ප‍්‍රධාන මාර්ගයේ ඇති කුඩා පාලම යට ජලකඳ සමග අපද්‍රව්‍යද සිරවිණි.

ගම්මුන් පාලම යට බැලූ අවස්ථාවේ සිරවී ඇති කොල රොඩු අතර අලි පැටවකු සොඬක් සොලවන අයුරුද දුටුවේය. වහා ක‍්‍රියාත්මක වූ ප‍්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ටද පොලිසියටද දැනුම් දුන්නේ වහා අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමටය. සිද්ධිය කටින් කට පණිවිඩ ඔස්සේ ප‍්‍රදේශය පුරා පැතිර ගියේය. සුළු වේලාවකදී මහා සෙනඟක් ස්ථානයට රැස්විය. නිකවැරටිය, වනජීවී කාර්යාලයේ නිලධාරින්ද වහා ස්ථානයට පැමිණියේ සිද්ධිය පරීක්ෂා කිරීම සඳහාය. ඔවුහු සිද්ධිය නිරීක්ෂණය කළහ.

පාලම යට කොළරොඩු සමග සිරවී ඇත්තේ විශාල ප‍්‍රමාණයේ පැණිබීම හිස් ප්ලාස්ටික් ගුරු පැහැති බෝතලයක් බවත් එය ජල පහරට සෙලවීම නිසා පෙනෙන දර්ශනයක් බවත් රැස්ව සිටි ජනතාවට පැවසීමෙන් පසුව ඔවුහු විසිර ගියහ. අලි පැටියා බේරාගැනීමට විශාල ජනතාවක් එතැනට රැුස්ව සිටි බව වනජීවී නිලධාරීහු පැවැසූහ.



අදහස් (0)

ප්ලාස්ටික් බෝතලය ගමක්ම අවුල් කරලා

චන්න Tuesday, 10 November 2015 06:00 AM

අලියා බීම බෝතල්ද මන්දා................(ම)

:       0       0

රූපවතී Wednesday, 11 November 2015 06:55 AM

ස්තූතියි නදීක ..! (නි)

:       0       0

සරසි Monday, 09 November 2015 04:55 AM

අගය කළයුත්තේ ප්‍රදේශවාසීන්ගේ මනුෂ්‍යත්වයයි. (නි)

:       0       0

අරුණ Monday, 09 November 2015 05:16 AM

නමුත් ඒ මිනිසුන්ගේ අරමුණ උතුම් (නි)

:       0       0

සේනක Tuesday, 10 November 2015 02:39 PM

මේ ගමත් තුම්පනේ වගේ වෙලාද මන්දා. (බ)

:       0       0

රුපවතී Tuesday, 10 November 2015 06:44 AM

කිත්සිරි, සිදාදියේ මිනිසුන් ලගනැති උතුම් මිනිස් ගති ගුණ තියෙනවා ඒ පලාත්වල මිනිසුන්ගේ. ගති සිරිත් ගොඩාක් උසස්. (ර)

:       0       0

දල්පදාදු Wednesday, 11 November 2015 01:25 PM

සමහරුන්ගේ ගතිසිරිත් හරි පුදුමයි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිවුවලු (නි)

:       0       0

සුභාෂ් Monday, 09 November 2015 06:21 AM

මනුෂ්‍යත්වයෙන් පිරුණු මිනිසුනේ, ඔබට මල් මිටක්! අගය කළයුතු සිදුවීමක්. (නි)

:       0       0

අජිත් Monday, 09 November 2015 11:49 AM

අවට පරිසරය ගැන සෝදිසියෙන් සිටීම ගැන බොහොමත්ම ස්තුතියි. මට ප්‍රශ්නෙකට තියෙන්නේ යහපාලනයේ අලි පටියෙක්ද කියලි. (අ)

:       0       0

සජිත් Monday, 09 November 2015 12:08 PM

සත්ත්ව කරුණාව හදවතේ දරාගෙන උතුම් චේතනාවෙන් කළ වැඩක් (නි)

:       0       0

රූපවතී Tuesday, 10 November 2015 04:28 PM

නිමල්, අපේ රටේ කිසිවෙක් කෑම ටිකකට එතරම් පෙරේත මිනිසුන් නොවන වග මම හොඳටම දන්නවා. ඒවගේම මම කමින් සිටි කෑමපත අනන්තවත් අසරණයෙකුට දී තිබෙනවා. (නි)

:       0       0

දිසානායක Monday, 09 November 2015 01:00 PM

ඔය ජල පහර ගලාගෙන එන්නේ පාදෙණිය, රඹුක්කන, බැද්දේගම පැත්තෙන්. එහෙ කොහෙද අනේ අලි ඉන්න කැලෑ තියෙන්නේ? නමුත් ඔය පාලමට ඉහළින් විශාල පරණ වැවක් තිබෙනවා. නමුත් දැන් ඉස්මත්ත ජනාවාස වෙලා තිබෙන්නේ. ජනප්‍රවාද බොහොමයක් තිබෙනවා ඔය වැව ගැන (නි)

:       0       0

රූපවතී Tuesday, 10 November 2015 04:37 PM

මගේ ගම්පියස ගැන ලියවිලා තිබෙනවිට හිතට සතුටුයි (නි)

:       0       0

සමිත් Wednesday, 11 November 2015 08:51 AM

තමන්ගේ ගම ගැන ඉනෝකා නැතුව වෙනින් කෙනෙක් කීවා නම් මේ වෙලාවට රුපවතී පැනලා දීලා.(ම)

:       0       0

අරුණ Tuesday, 10 November 2015 05:31 PM

සොයානොබලා කටයුතු කිරීම නිසා කී දෙනෙක් රස්තියාදු වුණාද? (නි)

:       0       0

රූපවතී Tuesday, 10 November 2015 07:57 PM

දිසා සොයුර, රඹුක්කන තිබෙන්නේ කෑගල්ල ප්‍රදේශයේ. මේ අපේ පළාතේ තියෙන්නේ රඹුකන. (නි)

:       0       0

නදීකා Tuesday, 10 November 2015 08:03 PM

මේ මිනිසුන්ගේ සිත් කරුණා ගුණයෙන් පොහොසත් (නි)

:       0       0

කිත්සිරි Monday, 09 November 2015 08:15 AM

උනන්දු වුණ අයගේ ක්‍රියාව ඉතා වටිනවා. ඒත් මේ ගොඩක් අය වටවෙන්නේ, රැස්වෙන්නේ නරඹන්නයි, පින්තූර ගන්නයි මිස උදව්වට නෙමෙයි. (නි)

:       0       0

එම්. සමිත් Wednesday, 11 November 2015 07:54 PM

රූපවතීට මම කියපු දෙය තේරිලා නැති පාටයි. බස් එකක ගැබිණි මාතාවක් හිටගෙන යනකොට ගැහැණු කෙනෙක් නැගිටලා සීට් එකක් දෙන්නේ නැහැ. දුන්නොත් ඉතින් පිරිමි කෙනෙක්ම තමයි. දල්පදාදුටවත් තේරිච්ච එක ලොකු දෙයක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 November 2015 11:32 AM

අලියට පිං සිද්ධ වෙන්න කාලෙකට පස්සේ රුපවතියට අපිවත් මතක් වෙලා නේද ? (ර)

:       0       0

ඉනෝකා-එංගලන්තය Monday, 09 November 2015 07:26 PM

කොබෙයිගනේ කියලා කතාව කියවාගෙන යනකොට මට එකපාරටම මතක්වුණේ රූපවතීව. රූවතීගේ ගම නේද කොබෙයිගනේ කියන්නේ? මාතෘකාවට අදාළ නැහැ කියලා මට බනින්න එපා යහළුවනේ.....! (නි)

:       0       0

රූපවතී Monday, 09 November 2015 07:40 PM

අනේ දිසානායක, ඔයා කී ගම් දනව් ටික සියල්ල පීරාගෙන වතේගෙදර පුබ්බිලිය හරහා ඇත්තේ කැලේනේ. අලි නොවේ වලස්සුත් ඉන්නවා. අනේ මම ජීවත්වුණු ලස්සන ගම් පියස! ඒ පළාත තවමත් කැලේ. ඔය කියනා කුඩා ඔය පටන්ගන්නේ පාදෙනියෙන්. (නි)

:       0       0

රූපවතී Monday, 09 November 2015 07:45 PM

දිසානායක කියන්නේ මොන වැව ගැනද? (නි)

:       0       0

රුවනි Tuesday, 10 November 2015 12:27 PM

අපොයි රූපවතීලගේ ගෙවල් පැත්තේ වලස්සුත් ඉන්නවලු. මට නම් ඇහුවත් බයයි. (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Wednesday, 11 November 2015 11:15 PM

සමිත්,මගේ නම සඳහන් කරමින් අනෙකුත් අය පීඩාවට පත්වන අයුරෙන් අදහස් පල නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.අපි අපේ අදහස් පමණක් දැම්මොත් වඩා හොඳයි නේද.?(රේ)

:       0       0

නිමල් Tuesday, 10 November 2015 01:07 PM

රූපවතීලාගේ ගෙදරට ආ අයට තේ කෝප්පයක්වත් දීලා නැති පාටයි. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 10 November 2015 05:11 AM

ගෙවල් වල වැඩ නැති නිසා එන්න ඇති ඉතින්...මෝඩ මිනිස්සු..ඔය ගම පැති වල මිනිස්සු ඔහොමම තමයි.. (ම)

:       0       0

ජයනාත් Tuesday, 10 November 2015 01:44 PM

අපි තාම ගමේ, සරලව ජීවත්වෙනවා. ලොකු සංවර්ධනයක් වෙලත් නැහැ. රූපවති අක්කා කිව්වා වගේ සතා සීපාවත් එක්ක අපේ ජීවිත බැඳිලා. උදේට කුරුලු හඩින් තමයි අපි අවදි වෙන්නෙත්. එතන ඉඳලා හවස ගෙදරට එනතෙක්, වගා කටයුතු කරමින් තමයි මේ ගම්වල බොහෝ දෙනෙක් ජීවත්වෙන්නේ. සරලව ඉන්න නිසා ප්‍රශ්න හරි අඩුයි. ඔලුව නිදහස්. (නි)

:       0       0

රූපවති Wednesday, 11 November 2015 12:09 PM

ඒ කියන්නේ සමිත්... පිටබැද්දර ජයා අයිය වගේ ..කෙනෙක් එහෙමද ? ඇයි දැන් මම නදීකටත් පැනල තැන්ක්ස් කරලා තියෙන්නේ...? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site