ගම්වල ග්‍රීස් යක්කු අදත් සිටින වග ඇත්තකි. අද ඉන්නේ මතින් සිත කිලිටි කරගත් නරුම වෙස්ගත් වියරු වැටුණු ග්‍රීස් යක්කුය.
ග්‍රීස් යකෙකු නිසා නිකවැරටියේ ගම්වාසීන්ද සිටියේ බියෙනි. සැකයෙනි.
මේ ග්‍රීස් යකා රාත්‍රී කාලයේ ගමපුරා යමින් කාමරවලට එබිකම් කළේ කලක සිටය.
රාත්‍රී වැඩ මුරයට යන සැමියා රෑ වැඩ කරන අතර කල්පනා කළේ ගමේ සැරි සරන ග්‍රීස් යකා ගැනය.
නිවසේ නිදා සිටින දියණියන්ගේ කාමරවල දොරගුළු දමා ඇද්දැයි මවත්, පියත් මහරෑ පවා නැගිට බලන්නට පුරුදු වූයේ මෙකී ග්‍රීස් යකා නිසාය.
කාන්තා යට ඇඳුමක් බැරිවෙලා හෝ මිදුලේ වැලක දමා තැබීමට ද බැරි තරමට මේ අසහනකාරයා ගමම බියගන්වා තිබිණි.
සුරූපි දියණියන් දෙදෙනකු නිදා සිටින කාමරයේ ජනේලය අසලින් ශබ්දයක් නැගිණි. නින්දත් නොනින්දත් අතර උන් පියා නැගිට කළුවරේම එළියට බැස ගියේ පොල්ලක් අතේ තබාගෙනය. ඉණේ ගසාගෙන සිටි විදුලි පංකාවෙන් ‘ග්‍රීස්’ යකා අතටම හසුවිණි.
‘අනේ මාමේ... මම මම’ ගමම අවිදි වූයේ රෑට රෑට ගමේ සැරිසරන ග්‍රීස් යකා අල්ලාගත් ආරංචියටය.
තදින්ම ගංජාවලට ඇබ්බැහිවී සිටි ‘ග්‍රීස් යකා’ ගේ මානසික අසහනය දුරුවෙනතුරු සලකා පොලිසියට බාර දුන්නේ ගමේ කාටත් සැනසිල්ලක් එක්කරමිනි.
(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොල්ල දැක්කාම ග්‍රීස් යකා මාමේ කියා කතා කරලා