කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
පොලියට මදිපාඩුවූ මුදලට ඒ වගේ පස් ගුණයක වැල් පොලියක් සාදා එය නොගෙවූ පැල්පතක වෙසෙන සිවු දරු මවකට මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ලබාදීමට නියමිතව තිබූ වියළි ආහාර මල්ල කපා දැමූ අපූරු සමාජ සේවකයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ තේ වලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
හේ මේ නගරයේ එකා සැමටත් සැම එකාටත් තේමාව කරගත් බොහෝ සාමාජීය සත් කාර්යයන් කෙරෙන ආයතන දෙකකම ලොක්කෙකි. තේරී ඇත්තේ මාජිකයන්ගේ කැමැත්තෙනි. ඔහු බඩු උකස් ගැනීම සහ මුදල් පොලියට දීම අමතර කාර්යයක් ලෙස කරගෙන යන්නේය. ඔහුගේ මේ සේවාවන් දෙකම ප්‍රයෝජනයට ගන්නා අය අනිවාර්යයෙන්ම නියමිත දිනට පොලිය ගෙවිය යුතුමය. නැත්නම් ඔහුගේ අඩත්තේට්ටම්වලට හසුවීම නොවැළැක්විය හැකි කාරණාවකි.
ඉටි රෙදි ගසා පැල්පතක වෙසෙන සිවු දරු මවක් ඔහු ළඟ චංචල දේපොළක් උකසට තබා ණයක් ගත්තාය. මේ මව කාලයක්ම එකතු කරගත් මුදලින් එම දේපළ බේරා ගැනීමට ගියාය.ඊට ගෙවිය යුතු මුදල සහ පොලිය ඔහු එහි ගිය මේ මවට කීවාය.
පොලිය සම්පූර්ණයෙන්ම ගෙවීමට ඇයට රුපියල් දෙදහසක් අඩුව තිබිණි. මේ අපූරු සමාජ සේවකයා එම අඩුවූ රුපියල් දෙදහස ණයක් බවට පත් කළේය. ඇයට මේ පොලී අඩු මුදල ගෙවීමට කාලයක් ගතවිය. ඔහු ඒ දෙදහස සඳහා රුපියල් දස දහසක් තමාට ගෙවන ලෙස ඇයට දැන්වූවේය. රුපියල් දෙදහස ගෙවා ගැනීමට බැරිව සිටි ඇයට රුපියල් දස දහසේ වැල් පොලිය ගෙවීම සිහිනයක්ම විය.
ඔහු නායකත්වය දරන එකා සැමටත් සැම එකාටත් තේමාව කර ගත් ආයතනයක සාමාජිකාවකවූ මේ දුප්පත් අම්මාට මේ වෙසක් පොහොය නිමිත්තෙන් වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු මල්ලක් ලැබීමට නිර්දේශව තිබිණ.
ඒ අනුව ඇය එය ගැනීමට ගියේ තමාගේ දරුවන් සිවු දෙනාට සතියක් දෙකක් කිසිදු කරදරයකින් තොරව බඩකට පුරවා ගැනීමට හැකි වෙතැයි සිහින මවමිනි. එහි ගිය ඇයට දැන ගන්නට ලැබුණේ මේ ආයතනයේ කෙරුමා ඔහුට යාමට තිබූ වැල් පොලී රුපියල් දස දහස නොගෙවූ තරහට ඇයගේ මඩු මල්ල කපා දමා ඇති බවය.
පැල්පතේ ජීවත්වන තමන්ගේ නොදරුවන්ගේ බඩ ගෝස්තරය මේ සත් පුරුෂයා කපා දැමීම ඇසූ මේ දුප්පත් අම්මාගේ දෙනෙතට ආ කඳුළු ගංඟාවෙන් ඔහු නාවන්න වුණත් හැකියාව තිබූණාලු.
2025 ඔක්තෝබර් මස 08
1918
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිය හිලව්වට බඩු මල්ල කපලා
ගුණරත්න Tuesday, 20 May 2025 10:30 AM
ආණ්ඩුව වුනත් එහෙම තමයි. සත කීපයක හිඟය නිසා විදුලි ය කපපු ප්‍රවෘර්තියක් ගාල්ල පැත්තෙන් අහන්න ලැබුනා
ගුණරත්න Tuesday, 20 May 2025 10:31 AM
ආණ්ඩුව වුනත් එහෙම තමයි. සත කීපයක හිඟය නිසා විදුලි ය කපපු ප්‍රවෘර්තියක් ගාල්ල පැත්තෙන් අහන්න ලැබුනා