පොලී මුදලාලිගෙන් පොලියට ගත් රුපියල් පන් දාහම ඉවරවෙන තුරු පොලී මුදලාලිත් සමග අරක්කු බීමේ සිද්ධියක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තාවේ.
තලාතුඔය ප්‍රදේශයේ පුද්ගලයකු දන්නා හඳුනන අයට පොලියට මුදල් දීම කාලයක් තිස්සේ කරගෙන යයි. ඔහු දන්නා පුද්ගලයකු පසුගිය දිනක ඔහුගෙන් රුපියල් පන්දහසක් පොලියට ඉල්ලා ඇත. පොලිය සියයට දහයක් වන අතර ණය මුදල දීමේදී අදාළ පොලී මුදල අඩු කරගෙන ණය දීම සිදු කරන අතර ඒ අනුව ඔහුට ලැබුණේ රුපියල් හාරදහස් පන්සියයකි.
දෙදෙනාගේම සේවා ස්ථාන එක ළඟ පිහිටි අතර තැබෑරුමද වැඩි ඈතක නොවේ. දෙදෙනාම මතට ඇබ්බහි වී ඇති බැවින් ණය මුදල ලබාගත් පුද්ගලයා පොලී මුදලාලිද කැටුව කෙළින්ම ගොස් ඇත්තේ තැබෑරුමටය.
සියලු මුදල් ඉවරවෙන තුරු දෙදෙනාම අරක්කු බී ඇති අතර පොලියට මුදල් ගත් පුද්ගලයා විවාහකයෙක් ද වෙයි.
නිවෙසට ගිය පසු සිද්ධිය දැනගත් පියා මොහුට පහර කිහිපයක් ද ගසා ඇති අතර මේ බව පැමිණිලි කිරීමට තලාතුඔය පොලිසියට පැමිණ ඇත.
එහිදී බිරිය පවසා ඇත්තේ මොහු දරුණු ලෙස අරක්කු බීමට ඇබ්බැහි වී ඇති බවත් පසුගිය මාසයේ හිස් අරක්කු බෝතල් තුන්සීයයක් පමණ තමා විකිණූ බවත්ය.
(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලියට ගත් සල්ලි හිඳෙනකම්ම පොලී මුදලාලිත් එක්ක බීලා
ඉමේෂ් Wednesday, 28 December 2016 04:07 AM
ලංකාවේ මිනිස්සු කොච්චර නම් බීමට ඇබ්බැහි වෙලාද. (ම)
මහේෂ් Wednesday, 28 December 2016 06:08 AM
අම්මෝ බෝතල් 300ක්? ඉමේශ්, ඔයා ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)
කුමාර හේවගේ Wednesday, 28 December 2016 02:18 PM
හිස් බෝතල් ටික විකුණලා ජීවත්වෙන්න බෑ (බ)
යසපාල Wednesday, 28 December 2016 06:56 PM
අපේ මිනිස්සුන්ගේ ජන්ම ගති අරින්න බැහැනේ (නි)
පිටිගල Wednesday, 28 December 2016 02:34 AM
අපොයි! බීලා නොවෙයි නාලානේ... (නි)