පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනකට ය. සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්‍යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි. අපේ කණ්ඩායම දුටු ඇය අඩ සිනහවක් පාමින් සිය කටයුතු කරගෙන ගියාය. අපේ රටේ පුරුද්දට ඇය සමග විහිළු තහළු කිරීමට ගිය කණ්ඩායමේ කීප දෙනකු සීමාව ඉක්මවා විහිළු කළ හෙයින්, ඇය සිටියේ ලජ්ජාශීලීවය. ඇය නික්ම ගොස් පැය භාගයකට පසු හරියටම වේලාවට දේශනය සඳහා සරසවි මහාචාර්යතුමිය වේදිකාවට නගිත්ම අපේ කණ්ඩායමට තරු පෙනුණි. ඒ උදෑසන වේදිකාව පිරිසුදු කළ තරුණිය ඇයම වූ හෙයිනි. අපේ කණ්ඩායම දැඩි බියකින් හා පසුතැවිල්ලකින් දේශනය අසා සිටියත්, මහාචාර්යවරියගේ නම් කිසිම වෙනසක් තිබුණේ නැති ලූ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පිලිපීන සරසවි මහාචාර්යවරියගෙන් අපේ ඇත්තන්ට අපූරු පාඩමක්
මනොජ් Thursday, 03 November 2011 12:14 PM
පිරුණු කලේ දිය නොසැලේ
ජයී Tuesday, 01 November 2011 05:00 PM
රුපියල් කෝටිගණනක් වියදම්කර ඉගෙනගත් හොඳ පාඩමක්.
රමේෂ් Tuesday, 01 November 2011 07:25 PM
අපේ මැට්ටන්ට හොද වැඩේ
බිම්සර Thursday, 03 November 2011 10:25 AM
අපේ කියන අය දන්නේ ඔය ටික තමයි ලොකුකම විතරයි