IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොල්කටු සෙල්ලමේ හොරකම අතේ පත්තු

නිවසක සිදුවූ සොරකම් වැලක් පොල්කටු සෙල්ලමකින් අනාවරණය කර ගැනීමේ අපූරු සිදුවීමක් පසුගියදා බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයකට සම්බන්ධ පොලිස් ස්ථානයකින් වාර්තා විය. මේ නිවසේ අලුතෙන් සේවයට ආ තරුණිය ගෙදරට ඉතා හිතවත් වුවාය.

එහෙත් වසරකට පමණ පසු නිවසේ වූ භාණ්ඩ එක දෙක අතුරු දන් විය. හැඳි ගෑරුප්පු වලින් පටන්ගත් මේ සොරකම පසුව ජංගම දුරකථන දක්වා පුළුල් වීම නිසා ගෙහිමියාගේ සැකය මේ සේවිකාව කෙරේ යොමු විය. එහෙත් ගෙයින් පිටට යාමට කිසිදු ඉඩක් නැති ඇය මෙබඳු දේකට සම්බන්ධ වන්නේ කෙසේ දැයි දැඩි විමසිල්ලෙන් පසුවූ ඔහුට දිනක් දක්නට ලැබුණේ ගෙදර හැමෝම ගෙයින් පිටවූ පසු ගේ පිටුපස වූ තාප්පය මත තිබූ පොල්කටුවක් උඩ අතට හරවා ඇය ඒදෙස බලා සිටි බවකි. ඒ මොහොතේම අල්ලපු ගෙදරින් අතක් මතුවිය.

වටිනා වීදුරු දෙකක් ඒ පැත්තට ගිය අතර ඒ පැත්තෙන් මුදලක් ඇගේ පැත්තට වැටිණ. ගෙදර අය සිටින විට පොල්කටුව යට පැත්තටත් ඔවුන් නැතිවූ වහාම පොල් කටුව උඩ පැත්තටත් හැරවෙන බව හා ගනුදෙනුව සිදුවන ආකාරය පොලිස් ස්ථානයේදී සේවිකාව අතින් කියවුණේ ඇගේ කඳුළු බේරෙන දෑසින්ලු.

(තිහගොඩ උපසේන ලියනගම) 



අදහස් (0)

පොල්කටු සෙල්ලමේ හොරකම අතේ පත්තු

ජනහිත Monday, 30 January 2017 03:05 AM

කිසිසේත්ම විශ්වාසයක් නොතැබිය යුතු අය. අසල්වැසියට ප්‍රේම කරන්න කියලා තිබුන නිසා වෙන්න ඇති ඔය. අසල්වැසියන්ගේ ක්‍රියාවලිය ගැනත් විමසිලිමත් වියයුතුයි. මේ දේවල් හුඟ දෙනෙකුට වෙලා ඇති. (නි)

:       0       0

අජිත් Monday, 30 January 2017 01:29 PM

එහෙනම් බැංකුවේ රස්සාවකට සුදුසුයි. (ර)

:       0       0

බමුණු Monday, 30 January 2017 05:26 AM

හැබයි නැතිවෙලා තිබෙන්නේ පොල්කටුවකින් වහන්න පුළුවන් දේවල් පමණි (බ)

:       0       0

මහේෂ් - ඩුබායි Sunday, 29 January 2017 12:50 PM

රජ කාලේ දඩුවම් දෙන්න ඕනි මේ හොරුන්ට. කන පතේ පහරන මිනිස්සු. අනාගතයක් තියේවිද මේ අමන මිනිසුන්ට? අත පය හතර තිබිලත් කොයි වෙලෙත් බලන් ඉන්නේ කාගේ හරි දෙයක් හොරෙන් ගන්න. දුක් මහන්සිවෙලා හම්බ කරලා ගන්න පොඩි දෙයකින් ලැබෙන සතුට මේ මිනිස්සු ගෙවල් දාහක් බිදලවත් ගන්න බැහැ. පව්කාර මිනිස්සු. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site