IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පෝර රැස්වීමට අඳින්න දුන් කමිසෙ බල්ලො කාලා

(තිහගොඩ උපසේන ලියනගම)
‘‘හරිත ගොවි බිමේ අරුණාලෝකය’’ නමින් දර්ශනීය පින්තූර සහිතව ගොවීන් වෙත ලබා දුන් කමිසයක් බල්ලකු විසින් සපා කෑමේ අපූරු සිදුවීමක් පසුගිය දා අසන්නට ලැබුණේ පොස්පේට් නිධියක් පිළිබඳව ප්‍රකට ප්‍රදේශයකිනි.


මේ ප්‍රදේශයේ ගොවි සංවිධානයක් මගින් රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන් මෙම කමීස තොගය ගොවීන්ට ලබා දුන්නේ ඉදිරි සෑම රැස්වීමකටම එය ඇඳගෙන එන ලෙස දන්වමිනි.


පසුගියදා වගාවේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට පැමිණි ගොවි මහතකු එම කමීසය ඇඳගෙන නොපැමිණීම ගැන සංවිධායකවරයා කරුණු විමසුවේය. ඔහු කීවේ, ‘‘කමීසය බල්ලො කෑවා’’ කියාය. කෝපයට පත් සංවිධායකවරයා ‘‘මොකක්’’ කීවේ යැයි ඇසුවේ කෝපයෙනි.


‘‘මං සෑර් දීපු කමිසෙ ඇඳගෙන පසුගියදා දිපූ දියර පෝර කුඹුරට ඉස්සා. ඒ වෙලාවේ දී ඒ දියර කමිසෙටත් වැටිලා කමිසෙ තෙමුණා. මම ඒක ඇන්න ගිහිං පැල්කොටේ  ලීයක වනලා ගෙදර ගියා. නාගෙන කෑම කාල කමිසෙ බලන්න ගියාම ඒක බල්ලො බිම දාගෙන කාලා. ඒකෙ පිළී ගඳට වෙන්නැති’’ ඔහු කීවෙන් වටපිටාවේ වූවෝ සිනා සුනහ.


මේ රැස්වීමට පැමිණ සිටි ඉහළ මට්ටමේ නිලධාරියකුට ද මහා හිනාවක් ආවත්, ඔහු අතින් කට වසාගත්තේ ඉන් තම රැකියාවට අනර්ථයක් වේදෝයි බියෙන්ලු.

 



අදහස් (0)

පෝර රැස්වීමට අඳින්න දුන් කමිසෙ බල්ලො කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site