IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෙරළුණුපිට හොඳයි කියා රතික්‍ද්ක්‍දා පත්තු කරලා

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා) 
තම අපේක්ෂකයා දිනූ පසුව දැල්වීමට රුපියල් දහස් ගණනක රතිඤ්ඤා ගෙනා සැමියෙකු අපේක්ෂකයාගේ පරාජය හමුවේ බිරියගේ කන්දොස්කිරියාවෙන් බේරීමට කළ අපූරු ක්‍රියාවක් පිළිබඳව නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තා විය. 


සිද්ධිය මෙසේය. 


දේශපාලන උණ සිරුරේ තිබූ මෙම පුද්ගලයා රැකියාවක නිරත අයෙකි. මොහු ජනපතිවරණ දිනය එනතුරු ඇඟිලි ගනිමින් සිටියේ තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය ගැන සිහින දකිමිනි. 


කල් වේලාසනම නගරයට ගිය මෙම පුද්ගලයා තම පඩිපතින් විශාල මුදලක් වැය කර රතිඤ්ඤා සහ මත්පැන් ද නිවසට රැගෙන ආයේ බිරියගේ ඇනුම්බැනුම් ද අසමිනි. 


තම අපේක්ෂකයා දිනූ පසුව ජය පැන් බොන්නට තම නිවසට පැමිණෙන ලෙස කාර්යාල මිතුරන්ට ද ආරාධනා කර දිනය එළැඹෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියේය. 


දිනය උදා විය. මෙදින උදෑසනම ගොස් ඡන්දය දමා මොහු මහත් සතුටින් රාත්‍රිය එළැඹෙන තුරු බලා සිටියේය. ඡන්ද ප්‍රතිඵල නිකුත් වන රූපවාහිනිය දෙස දෑස් දල්වා ගත් මෙම පුද්ගලයා මහත් උද්දාමයෙන් සිටියේය. 


අලුයම් කාලය එළැඹෙත්ම තම අපේක්ෂකයා පරාජය වෙමින් තිබෙනු දැක මොහු මහත් විස්සෝපයට පත් විය. බිරිඳගේ ගෝරනාඩුව ද ඉවසීමට නොහැකි තරම් විය. 


‘මම කීවනේ මිනිහෝ රතිඤ්ඤා වලට මේ තරම් සල්ලි වියදම් කරන්නඑපා කියලා. දැන් මේ රතිඤ්ඤා ගොඩ තමුසේ කනවා’. කියමින් බැන වැඳුණාය. බිරිඳගෙන් බේරීමට උපායක් ගැන දස අතේ කල්පනා කරමින් සිටි සැමියාට කදිම උපායක් කල්පනා විය. 


ජය තහවුරු වූ අපේක්ෂකයා වෙනුවෙන් හතර වටින් රතිඤ්ඤා දැල්වෙමින් තිබුණි. තම රතිඤ්ඤා වැල ද අතට ගත් සැමියා මිදුලට බැස එය දැල්වීය. ප්‍රදේශයම දෙවනත් කරමින් රතිඤ්ඤා හඬ පැතිර ගියේය.


 ජය වේවා අපේ ජනපතිතුමාට ජය වේවා යනුවෙන් ද කෑ ගැසීය. අන්දමන්ද වූ බිරිඳ ‘තමුසෙට පිස්සුද කියා’ ඇසීය. ‘යෝදියෙ කෑ ගහන්න එපා අපිත් ඡන්දය දුන් විදියට රඟපාමු. අපිටත් වැඩක් කරගන්න පුළුවන් මේ සල්ලි වගේ නෙමෙයි’ යනුවෙන් සැමියා කී වදනින් බිරිඳ නිහඬ විය. 


දිනූ අපේක්ෂකයාට ඡන්දය දුන් අසල්වැසියන් ද සමඟ එක්ව සැමියා ජය පැන් බොද්දී, බිරිඳ කටගැස්ම ද සාද ඔවුනට සංග්‍රහ කළේලු.    

 



අදහස් (1)

පෙරළුණුපිට හොඳයි කියා රතික්‍ද්ක්‍දා පත්තු කරලා

Nandalal DE SILVA - France Monday, 09 December 2019 09:53 AM

"වාසි පැත්තට හෝයියා" කියලා මගේ ඔෆිස් එකේ යාළුවොත් මට සිහිපත් කළා මේ නාටකයෙන්.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site