(බලංගොඩ විශේෂ - වයි.ඒ.එස්. වීරවංශ, බලංගොඩ - නන්දසේන පිනිදියආරච්චි)
බලන්ගොඩ, උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පෙරහර බලා ආපසු යමින් සිටි තරුණයකු රත්මලවින්න ප්‍රදේශයේ සමන් දෙවියන් වෙනුවෙන් තබා තිබූ පඬුරු පෙට්ටිය කඩා මුදල් සොරාගනිද්දී ප්‍රදේශවාසීන්ට කොටුවිය.
විශාල පිරිසක් කතරගම පෙරහර බැලීමට එක්ව සිටි අතර මෙම තරුණයා පෙරහර බලා යන අතරදී පඬුරු පෙට්ටිය ගලවා ඇත.
අසල්වාසීන් ඒ බව දැක තරුණයා අල්ලා පින්නවල පොලිසියට බාර දී ඇත. විවිධ වංචා ක්‍රියාවන්ට සම්බන්ධ මෙම සැකකරු කලක් තිස්සේ පොලිසිය මඟහරිමින් සිටි පුද්ගලයකු බව හෙලිවී ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව පින්නවල පොලිස් ස්ථානාධිපති එස්.පී. සමරතුංග මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පෙරහර බලා යන ගමන් පඩුරු පෙට්ටියට වැඩක් දීලා