තම මව් භාෂාවෙන් කතා කළ ජපන් ජාතිකයාට පරුෂ වචනයෙන් බැන වැදුණු සංචාරක මග පෙන්වන්නකුට එම ජපන් ජාතිකයාද පෙරළා සුද්ද සිංහලෙන් බැන වැදීමෙන් මගපෙන්වන්නා අන්ද මන්දවී ඔහු මඟ දමා පලා යෑමේ සිද්ධියක් කොග්ගල ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම සිද්ධිය ප්‍රදේශය පුරා සැලවීමෙන් ලජ්ජාවට පත් සංචාරක මගපෙන්වන්නා දැන් කොග්ගල ප්‍රදේශය මගහැර ඒ අවට වෙනත් ප්‍රදේශයක සංචාරක මගපෙන්වීම් කරන බව ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
මෙම සිද්ධියට අදාළ ජපන් ජාතිකයා තවත් ජපන් ජාතිකයන් පිරිසක්ද සමග කොග්ගල මුහුදු වෙරළ ප්‍රදේශයට පසුගියදා පැමිණියේය. ඒ නිවාඩුව ගත කිරීම සඳහාය.
ප්‍රදේශයේ ලැගුම්හලක (විලා) නවාතැන්ගෙන සිටි මෙම ජපන් ජාතිකයා සුන්දරත්වය විඳීම සඳහා කොග්ගල වෙරළට ඉකුත්දා පැමිණ ඇත්තේ මගපෙන්වන්නකුද සමගය. ඒත් මගපෙන්වන්නා ජපන් භාෂාව දැන නොසිටියේය.
ජපන් ජාතිකයා කියන කිසිවක් මෙනිසා මග පෙන්වන්නාට නොතේරිණි. එසේම මග පෙන්වන්නා හස්ත සංඥාවෙන් කී කිසිම දෙයක්ද ජපන් ජාතිකයාට තේරුම් ගියේ නැත. තරමක් බීමතින් සිටි මග පෙන්වන්නාට කේන්ති ගියේය.
මග පෙන්වන්නා සහෝදර මඟපෙන්වන්නකු සමඟ මෙහිදී එම ජපන් ජාතිකයාට දිගට හරහට බැණ වැදුණේ අමු සුද්ද සිංහලෙනි.
ගතවූයේ මොහොතකි. එම ජපන් ජාතිකයාද මග පෙන්වන්නාට පෙරළා අමු සුද්ද සිංහලෙන් බැණ වැදුණේය. සංචාරක මග පෙන්වන්නාට මෙය ඇස් අදහාගත නොහැකි දෙයක්විය. ඔහුට එම ස්ථානයෙන් පලායනු හැර වෙනත් විකල්පයක් නොවීය. ඔහු ජපන් ජාතිකයා මග දමා පලා ගියේය.
ජපන් ජාතිකයා සිද්ධිය ඔහු ලැගුම්ගෙන සිටි අවන්හලේ කළමනාකාරවරයාට සැල කළේ ඉන් අනතුරුවය. කළමනාකාරවරයා එම සංචාරක මගපෙන්වන්නා සොයා ඔහුට අවවාද කිරීමට කොතෙකුත් උත්සාහ දැරුවත් ඉන්පසු ප්‍රදේශයෙන් හමුවූයේ නම් එම සංචාරක මගපෙන්වන්නා නොවෙයි
ඒ ගැන විපරම් කිරීමේ දී දැනගන්නට ලැබුණේ එම ජපන් ජාතිකයා සිංහල භාෂාව හොඳින් ප්‍රගුණ කළ මහාචාර්යවරයකු බවයි. මේ හේතුව නිසා අද ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නන් විදේශිකයන් සමග ගනුදෙනු කිරීමේදී කතා බස් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන බව නම් දැනගන්නට ඇත.
හබරාදූව බී.එච්. රම්‍යා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පරුෂ වචනයෙන් බැනුම් ඇසූ ජපනාගෙන් මගපෙන්වන්නාට සුද්ද සිංහල පාඩමක්