IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෝරමය පුරවන්න දුරකතනය ඉල්ලුවාම මළ පැනලා

ආයතනයක සේවාවක් ලබා ගැනීම සඳහා පැමිණි කාන්තාවකට එම සේවා අවශ්‍යතාවය සපුරා දීම සඳහා සම්පූර්ණ කළ යුතු පෝරමයක ඇගේ දුරකතන අංකය සටහන් කළ යුතු බැවින් එය ඉල්ලා සිටි එම ආයතනයේ විෂය බාර නිලධාරියකුට මෙන්ම එම ආයතනයේ ප්‍රධානියා ඇතුළු සෙසු සේවකයින්ට  අදාළ කාන්තාවගේත් ඇගේ සැමියාගේත්    තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇතැයි කියවෙන සිද්ධියකි.
අපහසුතාවට පත්‍් ආයතනයේ නිලධාරියකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
එය ප්‍රදේශයේ බොහෝ පිරිසක් සිය සේවා අවශ්‍යතාවන් සපුරා ගන්නා රාජ්‍ය ආයතනයකි. ඇතැම් සේවාවන් සැපයීමේදී නියමිත පෝරමයක් සම්පූර්ණ කීරීම සඳහා සිය තොරතුරු ලබා දීමට සේවා ලාභියාට සිදුවන අතර එහි ඔහුගේ හෝ ඇයගේ දුරකතන අංකයද සටහන් කළ යුතුය.


පසුගිය දිනක කිසියම් සේවාවක් ලබා ගැනීමට පැමිණි පෙරකී කාන්තාවටද අදාළ පෝරමය පිරවීමට අදාළ නිලධාරියා වෙත තොරතුරු ලබා දීමට සිදුවූ අතර නම, ගම, ලිපිනය, වයස ආදිය එහි සටහන් කෙරිණි . එහි එක් තැනක ඇගේ දුරකතන අංකයද සටහන් කළ යුතු වූ අතර එය ඉල්ලා සිටි නිලධාරියාට සිදුවූ​ෙය් තුන් හිතකින්වත් නැති සිදුවීමකි.
‘‘නමයි, වයසයි, ගෙදර ඇඩ්‍රස් එකයි ගත්ත මදිවට ටෙලිපෝන් නොම්බරයත් ඉල්ලනවා. මගේ මිනිහ ගෙදර නැති වුනාට හිතන්න එපා මම ඒ ජාතියේ කියලා” යැයි ආයතනය දෙවනත් වන්නට කෑ මොර දුන් කාන්තාව එය යළි යළිත් පවසමින් විෂය බාර නිලධාරියාට යන එන මං නැති කළේය.
 සිදුව ඇති දේ අවබෝධකරගත් ආයතනයේ පිරිස ඇයට කරුණු පහදා දෙන්නට කොතෙක් වෙහෙස ගත්තද ඉන් පලක් නොවිණි. අවසානයේ සිද්ධිය ආයතනයේ ප්‍රධානියා වෙත ඉදිරිපත්වුවද එය පිළිගත්තේ ඇය නොවේ.
 අවසානයේ සිද්ධිය ඇගේ සැමියාටද ඇය පවසා ඇති අතර දිනකට කීප වරක්ම ආයතනයට ඇමතුම් ලබා ගනිමින් අදාළ නිලධාරියාටත්, දුරකතන ඇමතුම ලබා ගන්නා ඕනෑම අයෙකුටත් බැන තර්ජණය කිරීම මේ වන විට පුරුද්දක් වී ඇතැයි ආයතන සේවකයෝ පවසති.

වියලුව වාර්තාකරු



අදහස් (1)

පෝරමය පුරවන්න දුරකතනය ඉල්ලුවාම මළ පැනලා

Lalla Tuesday, 15 October 2024 07:41 AM

නූගත්කම... නිෂ්චිත අවබෝධය ලබාදීම එකම විසඳුම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site