IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ප්‍රේමයේ පරණ ‘රැකෝඩ්’ හෙළිවී නූලෙන් බේරිලා

සිය ලේලියගේ පැටිකිරිය සොයන්නට ගොස් පුතාගේ පැටිකිරියද හෙළිවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස පැත්තේ උප නගරයක් ආශ්‍රිත නිවසකිනි.

මේ පුතා අගනුවර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. එහි සේවය කරමින් සිටියදී දැන හඳුනාගත් වෙනත් ආයතනයක ලිපිකාරිණියක සමග දිගු කලක් ඇසුරු කොට විවාහ වී තම නිවසේ පදිංචියට ආවේ මෑතකය.

බිරිඳ දකුණු පළාතේ උපනගරයකට සිය සේවා මාරුව ලබා ගත්තත් ඔහු අගනුවරම සේවය කරමින් සති අන්ත නිවාඩු දිනවල ගමට ආවේය. ඔහුගේ මවට මඳ කලකින්ම ලේලිගේ හැසිරීම් සිතට ඇල්ලුවේ නැත. ඒ අැය වැඩිපුරම මිතුරන් ඇසුරු  කරන නිසාය.

පසුගිය වෙසක් දිනවල මෙහෙකාරියක සමඟ නිවසේ කාමර පිරිසිදු කරන විට ලේලියගේ කාමරයේ සූට්කේසයක තිබී ඇයට ආ ලිපි මිටියක් නැන්දම්මාට අසුවිය. ඒ මහා පෙම් හෑලි ලියූ ලිපි මිටියකි.

නැන්දම්මාට දෙවියන් සිහිවී අගනුවර සිටින පුතා සති අන්තයේ ආ විටක ඔහුගේ සිතට කෝපයක් ඇති නොවන අයුරින් මේ බව කියා ලිපි මිටියද ඔහු අතට දුන්නාය.

මොහොතකින් ලැජ්ජාවට පත් වූ පුතා ‘මේව කවුද අම්මට දුන්නේ. මං ඉස්සර  එයාට එවපු ලියුම් ටිකක්’.’කීමෙන් මවට තරු පෙනිණි.

එහෙමද?’ කී මව ඒවා ආපසු ඉල්ලුවත් පුතා  ඒවා ගුලිකර ගත්තේ විනාශ කර දැමීමේ අරමුණෙනි.

තිහගොඩ උපසේන ලියනගම



අදහස් (0)

ප්‍රේමයේ පරණ ‘රැකෝඩ්’ හෙළිවී නූලෙන් බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 645 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17677 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site