(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පෙරුම්කායම් රැගෙන යාමේ අදහසින් මාතර කොටුවේගොඩ පිහිටි සිංහල බෙහෙත් බඩු කඩයක් සොරුන් බිඳීමේ සිද්ධියක් මාතර ප්‍රදේශයෙන් වාර්තාවිය.
වෙනත් බෙහෙත් බඩු කිසිවක් හෝ කඩේ තිබූ මුදල් කිසිවක් රැගෙන ගොස් නොතිබුණු නිසා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකළ බවද ඔහු සදහන් කරයි.
උදෑසන එම වෙළදසල විවෘත කිරීමට පැමිණීමේ දී දොර ලෑල්ලක් කැඩී බිම වැටී තිබෙන අයුරු ඔහු දැක තිබේ. පසුව වෙළඳසල පරික්ෂා කිරීමේ දී කිසිවක් අඩු නොමැති බව හෙළි වී ඇත. එම නිසා පෙරුම්කායම් රැගෙන යාමේ අරමුණින් මෙම ක්‍රියාව කිසිවකු විසින් සිදු කරන්නට ඇති බව එම වෙළඳසලේ හිමිකරු වැඩි දුරටත් කීය.
කෙසේ වෙතත් ඒ වනවිට එහි තිබූ පෙරුම්කායම් විකිණී අවසන් වී තිබුණි.
කොරෝනා වෛරසය මෙරට පැතිරයන බවට තොරතුරු වාර්තා වීමත් සමග මාතර නගරයේ බෙහෙත් බඩු වෙළඳසල් ඉදිරිපිට දිගු පෝලිම් පැවතුණේය. මේ වනවිට නගරයේ කිසිදු වෙළඳසලක පෙරුම්කායම් නැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෙරුම්කායම් ගන්න මාතර බෙහෙත් කඩයක් බිඳලා
mahinda Thursday, 19 March 2020 12:18 AM
අර ගෙම්බන්පිල දන්නේ නැද්ද? විපක්ෂයේ උන්නා නම් කියයි ආණ්ඩුවට පෙරුම්කායම් කෑල්ලක්වත් ජනතාවට දෙන්න බැහැ කියලා...