IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පරණ සෙරෙප්පු කුට්ටම පෙට්ටියට දමා අලූත් දෙකක් ගනිද්දී මාට්ටු

අවුරුදු උත්සවය නිමිත්තෙන් වෙළෙඳසලක පැවැති තොග අවසන් කිරීමේ සේල් පොළකදී පැළඳ සිටි පරණ පාවහන් පෙට්ටියට දමා අලූත් පාවහන් කූට්ටමක් දමාගෙන පිටවීමට සැරසෙද්දී එහි සිටි ආරක්ෂකයකුගේ උකුසු ඇසට හසු වී උත්සාහය ව්‍යර්ථ වූ සිද්ධියක් කොළඹ ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
එය උත්සව සමයේ පාවහන් අඩුවට දෙන තැනකි. ඒ නිසා විශාල පිරිසක් දිනපතා මෙහි පැමිණ තිබේ.
අලෙවි කරන පාවහන් වල ආරක්ෂක මුද්‍රා නොමැති නිසා රිසි සේ තෝරාගෙන කවුන්ටරයට පෙන්වා මුදල් ගෙවා රැගෙන යාමට ආයතනය ගැණුම්කරුවන්ට අවසර ලබාදී තිබුණි.
ඒ අනුව ගැණුම්කරුවන් අතරේ පැමිණි කාන්තාවක් දෙපයේ තිබූ පැරණි පාවහන් කුට්ටම අලූත් ඒවා තිබූ පෙට්ටියට දමා අලූත් පාවහන් කුට්ටම දෙපයේ දමාගෙන පිටවීමට සැරෙසන අයුරු එහි සිටි ආරක්ෂකයකු දැක එහි ප‍්‍රධානියකුට මේ බව පවසා තිබේ.
පසුව එකී කාන්තාව පරීක්ෂා කර ”සල්ලි නෑ කිව්ව නම් ඉවරයිනෙ මොකටද හොරකම් කළේ?” කියා එතැනින් ඉවත් කරද්දි ලැජ්ජාවට පත් කාන්තාව පරණ පාවහන් දෙකෙන්ම නැවත ගෙදර ගිහින්ලූ.



අදහස් (0)

පරණ සෙරෙප්පු කුට්ටම පෙට්ටියට දමා අලූත් දෙකක් ගනිද්දී මාට්ටු

රංජනී Saturday, 20 April 2013 04:28 PM

නැති කමට වෙන්නනැති. නමුත් හොරකමනේ දඩුවම් කරන්න ඕන.ජරා වැඩ (නදී)

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 01:20 PM

ආරක්ෂක නිලධාරියා මම නම්, නංගී කරපු වැඩේ නම් කැතයි. සෙනග අතරේ සවුත්තු වෙන නිසා හෙමින් මාරුවෙන්න, මුදලාලිගෙන් අවුරුදු තෑග්ගක් කියා හිතාගෙන. කියලා කියනවා. (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 20 April 2013 05:33 PM

සල්ලි නැ කියල කිව්වා නම් මුදලාලි මිරි වැඩි සඟල නිකන් දෙයිද?(නදී)

:       0       0

ආනන්ද ආර් Friday, 19 April 2013 08:05 AM

මේ සියල්ලටම මුල අධික තෘෂ්ණාවයි ! එයින් හිරි ඔතප් නැති වූ විට නොකළ හැකි බාල වැඩක් නැත. (නි)

:       0       0

හේරත් Thursday, 18 April 2013 02:02 PM

මේ අයියා හරි ආදරේ පාටයි. රස්සාව ගැහිලා මුදලාලි බංකොලොත් උනත් අයියගේ අනුකම්පාව මහා භුමි කම්පාවක් වේවි. හොඳ වෙලාවට මුරකරු කම නොලැබුණේ... (ස)

:       0       0

නන්දලාල් Thursday, 18 April 2013 06:59 PM

හේරත්,සෙන්තිල් ඔයාල වැඩ කරන තැන්වල ප්‍රධානින් මෙ අදහස් දැක්කොත් හෙටම අයින් කරනවා .(නදී)

:       0       0

නෙතුමි Friday, 19 April 2013 08:32 AM

ම්ම්... අනේ මන්දා මිනිස්සුන්ට ගිය කල. තියෙන දෙයින් සෑහීමකට පත් නොවෙන හැටි. (නි)

:       0       0

කුමාර Thursday, 18 April 2013 07:12 PM

මුර කරු අකුරටම ජොබ් එක කරලා තියෙනවා .....එත් කාන්තාව ගෙන් මේ ගැන අහල බේරුම් කරගෙන නොන්ඩි නොවී යන්න තිබුණා.(නදී)

:       0       0

සෑම් Friday, 19 April 2013 03:58 PM

පව් ආසාවට ගන්න ඇති.(නදී)

:       0       0

හේරත් Thursday, 18 April 2013 07:19 PM

දී කිරට කුණු බළලෙක් සාක්කි බොලේ. සිස්ට සම්පන්න සහෝදරයෝ?(නදී)

:       0       0

මොහොමඩ් Sunday, 21 April 2013 12:12 PM

හොරකම් කරන්නත් මොළයක් තියෙන්න එපැයි කියන ජාතියේ රටක නේද අපි ජීවත් වෙන්නේ? (නි)

:       0       0

හේරක් Friday, 19 April 2013 09:34 AM

මෙතැන හේරත්ල වැඩියි.(නදී)

:       0       0

හේරත් Thursday, 18 April 2013 05:27 AM

ඕකනේ හැඳිමිටේ දිග කියන්නේ. (නි)

:       0       0

ජෙෆ් Thursday, 18 April 2013 08:10 AM

මම දන්නා විදිහට තොග අවසන් කිරීමේ සේල් දමන්නේ ඇසුරුම් (පෙට්ටිය) නැතුවයි. (නි)

:       0       0

එරංදික Friday, 19 April 2013 09:51 PM

පෝයට පන්සල් ගිය නම් සෙරෙප්පු 2 මාරු කරගන්න තිබුනා.(නදී)..

:       0       0

සජී Friday, 19 April 2013 09:54 PM

පෝයට පන්සල් ගියානම් ඉවරනේ.(නදී)

:       0       0

චතූ Thursday, 18 April 2013 11:56 AM

ජෙෆ්, මේ කියන්නේ ඇසුරුම් පෙට්ටිය ගැන නෙමෙයි. සෙරෙප්පු ගොඩක් එක පෙට්ටියකට දාලා තියෙන එකට (නි)

:       0       0

සෙන්තිල් Thursday, 18 April 2013 04:38 PM

හේරත්, කට වහගන්නවා.මම ඔහේ ගැන දන්නවා. කොහේ ඉඳලද පාත්වුනේ මෙතන අදහස් දාන්න? ගාමිණී කියන එක මමත් පිලිගන්නවා. මම මුරකරුවා නම්, මමත් කරන්නේ ඔය ටික තමයි. (නි)

:       0       0

විහග Friday, 19 April 2013 01:31 PM

ඔය වගේ දේවල් රෙදි කඩවල් වලත් ඕනෑ තරම් වෙන්න ඇති , අවුරුදු කාලේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site