(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
විවාහ යෝජනාවක් ස්ථිර කර ගැනීම සඳහා මනමාලයාගේ ඥාතීන් මනමාලියගේ නිවෙසට එන අවස්ථාවේ නිවෙසේ ප්‍රධාන දොරකඩ අසල තිබූ පැරැණි සෙරෙප්පු ජෝඩුවක් නිසා එම විවාහය කැඩී යාමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මනයක පදිංචි තරුණියකට පිටස්තර ගම්මානයක තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ඉදිරිපත්ව තිබිණ. මෙය යෝජනාවක් වූ බැවින් පවුලේ වැඩිහිටියන් කිහිප වරක්ම මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර දෙපැත්තේම ඥාතීහු මෙම විවාහයට කැමැත්ත ප්‍රකාශ කර සිටියහ. කෙසේ නමුත් නිල වශයෙන් විවාහය ස්ථිර කර ගෙන විවාහය සිදු කරන දින වකවානු තීන්දු කර ගැනීමට මනමාලයාගේ ඥාතීහු මනමාලියගේ නිවෙසට පැමිණියහ. පිරිස අතර මනමාලියගේ මවගේ මවද වූවාය.
ඇය පැරැණි චාරිත්‍රවලට වැඩි සැලකිල්ලක් දැක්වූ වයෝවෘද්ධ කාන්තාවක බැවින් මනමාලියගේ නිවෙසට ඇතුළු වීමට පෙර නිවෙස අවට සැලකිල්ලෙන් බැලුවාය. එහිදි එක් වරම ඇයගේ නෙත ගැටුණේ නිවෙසට ඇතුළු වන ප්‍රධාන දොරකඩ පැරැණි සෙරෙප්පු ජෝඩුවක් ගලවා දමා තිබූ අයුරුයි.
පැරැණි චාරිත්‍ර අනුව මෙය මෙම විවාහයට මනමාලියගේ ඥාතීන් අකැමැති නිසා මෙලෙස සිදු කරන්නට ඇති බව සිතූ ඇය අනෙක් අයටද කරුණු වටහා දී මෙම විවාහය සිදු නොවන බව පවසමින් එම නිවෙසට ඇතුළු නොවීම ආපසු හැරී ගියාය.
කෙසේ නමුත් මනමාලයාගේ ඥාතීන් නික්ම ගිය පසු මෙම පැරැණි සෙරෙප්පු ජෝඩුව මෙම ස්ථානයට පැමිණි අයුරු සොයා බැලීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ එම නිවෙසට රසකැවිලි ගෙනා කාන්තාවක එම සෙරෙප්පු ජෝඩුව දමා ගෙන විත් දොර කඩ අසල ගලවා තබා නිවස තුළට ගොස් තිබූ බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පරණ සෙරෙප්පුවට මඟුල කැඩිලා
maalaka Tuesday, 12 May 2020 01:41 AM
නුවුවමනා හණමිටි අදහස් කරපින්නාගෙන යන්නා, සැමදා පිරිහේ. එවැනි අය සමග එක්වීම සුදුසු නැත...
Pradeep Tuesday, 12 May 2020 02:41 PM
මේ වගේ හණමිටි අදහස් ඇති අය සිටින පව්ලක කෙනෙක් සමග විවාහ නොවන එකමයි හොඳ...