IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පරණ යකඩ ලොරියට ගේමක්දී බයිසිකලයක් බාගෙන

බලපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා

‘කැඩුණු ප්ලාස්ටික් පුටුවකට අලු‍ත් බේසමක්, පරණ යකඩ, පරණ පත්තර ආදිය අපට දී මුදල් ලබා ගන්න’ යැයි කියමින් දිනපතා ලොරි රථ වලින් ඉවත දමන දෑ මිලදී ගෙන යයි.

පසුගිය දිනෙක සවස මෙම ලොරි රථයක් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කියව කියවා යන විට වාහනයේ එතරම් අබලන් නොවූ පාපැදියක් තිබෙන අයුරු කෙනෙක් දුටුවේය.

වහා පාරට පැන ලොරි රථය නැවතු ඔහු මේ බයිසිකලය කොහෙන්ද? මේක මගේ බයිසිකලේ. දැන් දවස් දෙක තුනක් වෙනවා. මේක නැතිවෙලා. වහාම ලොරිය නවත්වන්න. අපි දැන් යමු පොලිසියට’

බයිසිකලයට අයිතිය කියමින් ඔහු ලොරි රථයේ පිරිසට ගෝරනාඩු කරන්නට විය.

ලොරි රථයේ අයිතිකරු බිය විය. මොහුගේ කතාව ලොරි රථයේ අය පිළිගත්තේ දිගින් දිගටම කී කරුණු කාරණා ද සැලකිල්ලට ගනිමිනි.

පොලිසියට ගියොත් තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න බැරිවෙන බව වැටහිණි. තමන්ට මුදලින් පාඩු වුණත් මෙය ගොඩින් බේරා ගැනීම සුදුසු බව ලොරි රථයේ අයිතිකරු වටහා ගත්තේය.

‘අනේ මහත්තයෝ. මේ ළඟ තැනකින් මම සල්ලි දීල ගත්තේ. මට සල්ලි ඕනෙත් නැහැ. පොලිසි යන්න ඕනෑත් නැහැ. බයිසිකලේ ඔබ තුමාගෙනම් අරගන්නැයි කියමින් බයිසිකලය ඔහුට  ඇඟ බේරා ගත්තේය.

ලොරියෙන් බයිසිකලය බාගත් ඔහු ලොරියේ පිරිසට යටි සිතින් සිනාසෙමින් බයිසිකලය ගෙන ගියේ තමන්ගේ කපටි මොළය නිසා නොමිලයේම ලැබුණ වාසනාව කීයකට හෝ විකුණා දැමීම ගැන සිතමිනි.



අදහස් (0)

පරණ යකඩ ලොරියට ගේමක්දී බයිසිකලයක් බාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17794 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site